ප්‍රවීණ ගේය පද රචක, ලේඛක චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා අභාවප්‍රාප්ත වී ඇත.
එතුමා ඊයේ (04) රාත්‍රියේ මිය යන විට ඔහුගේ වයස අවුරුදු 71කි.
ජීවිතේ සැඳෑ වියේදී ගී පද රචකයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්නට සමත් වූ චන්ද්‍රෙස්න තලංගමයන්, වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙකි
එතුමා 1944 වසරේ තලංගමදී උපත ලබා තිබේ .
ඒ වගේම පුවත්පත් කලාවේදියෙකු ලෙස එතුමා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ, 1980 වසරේදීය.
එකල තලංගම චන්ද්‍රෙස්න නමින් ලිපි ලියූ එතුමා බොහෝ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය විය.
පසුව චන්ද්‍රෙස්න තලංගම ලෙස කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඔහුව හදුනන ලදි.
සිය ජීවන අත්දැකීම් ඇසුරින් කාලයක් තිස්සේ පබැඳූ ගී පද නිර්මාණයට එතුමා යොමුව තිබේ.
නමුත්, නූතන සංගීතයේ ජනප්‍රිය තරුවක් වන චරිත අත්තලගේ එම පද මාලා රසපූර්ණ ගීත බවට පත් කිරීමට මුල් විය.
2017 දී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමයන්ගේ පළමු ගීතය, සංසාරයේ මා නැමැති ගීතයයි.
එතැන් පටන් එතුමා අතින් ලියැවුණු අපූරු ගී නිර්මාණ මෙරට තාරුණ්‍ය අතර අතිශය ජනාදරයට පත් විය.
නූතන පරපුර වැළදගත් ගීත ගණනාවක හිමිකරු එතුමාය.
විටෙක ප්‍රේමය ද, විටෙක ඉතිහාසය ද තේමාව කරගනිමින් ඔහු ගීත රචනා කර තිබේ.
සැඳෑ වියේ දී තම ගේය පද රචනය සැබෑ කරගනිමින් නූතන ගීතය තුළ ඔහු තැබූ සලකුණ මෙරට ප්‍රේක්ෂක සිත් වලින් මැකී නොයනු ඇත.