නව අවුරුද්දේ නව ආරම්භය - 2026 පාසල් අද ඇරඹේ
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර අද (05) රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් සඳහා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.
පසුගිය දෙසැම්බර් 9 වැනිදා නිකුත් කළ චක්‍රලේඛයට අනුව මෙම වාරය ක්‍රියාත්මක වේ. සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය දෙසැම්බර් 22 වැනිදාත්, මුස්ලිම් පාසල් සඳහා දෙසැම්බර් 26 වැනිදාත් අවසන් කෙරිණි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණිය සඳහා ජනවාරි 29 වැනිදා සිටත්, 6 වැනි ශ්‍රේණිය සඳහා ජනවාරි 21 වැනිදා සිටත් නව විෂය මාලාව ආරම්භ වේ. කෙසේ වෙතත්, ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 වැනි ශ්‍රේණියට වෙනත් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ පරිපාලන කටයුතු අද සිට ඉදිරි සතිය තුළ සිදු කළ හැකිය.
දිට්වා සුළි කුණාටුව නිසා අවතැන් වූ පිරිස් රැඳවීම සඳහා යොදාගෙන ඇති පාසල් කිහිපයක් අද ආරම්භ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම පාසල්වල සිසුන්ට ආසන්නතම පාසල්වලට යොමු කිරීමේ කටයුතු සිදු කෙරේ.
2026 පළමු පාසල් වාරයේ පළමු අදියර අද සිට ජනවාරි 9 වැනිදා දක්වා පැවැත්වෙන අතර, දිට්වා සුළි කුණාටුව නිසා තාවකාලිකව අත්හිටුවන ලද උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි 12 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.