ලොවක් කම්පා කළ ඛේදවාචකය තවමත් අවසන් වී නැහැ - ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 2,295 දක්වා ඉහළට

Report

ජුනි 24 වන දින වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පා දෙකෙන් මියගිය සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 11,267 දක්වා ඉහළ ගොස් ඇති බව වෙනිසියුලානු ජාතික සභාවේ සභාපති ඊයේ දින ප්‍රකාශ කර ඇත. ඒ අනුව භූමිකම්පාවෙන් පසු රටේ තත්ත්වය පිළිබඳ දෛනික යාවත්කාලීන කිරීමකදී ජෝර්ජ් රොඩ්‍රිගස් පවසා ඇත්තේ,

"අද වන විට මරණ 2,295 ක් සහ තුවාල ලැබූවන් 11,267 ක් වාර්තා වී තිබෙනවා. දැනට අපි පීඩාවට පත් පුද්ගලයින් 12,841 ක් ගණන් කරමින් සිටිනවා," යනුවෙන්.

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

එමෙන්ම ජාත්‍යන්තර සහ දේශීය ගලවා ගැනීමේ සේවකයින් සහ ස්වේච්ඡා සේවකයින් 4,000 කට වැඩි පිරිසක් විසින් පුද්ගලයින් 6,461 දෙනෙකු බේරාගෙන ඇති බවද ඔහු පවසා ඇති බව සඳහන්.

මේ අතර තාවකාලික කඳවුරු නිර්මාණය කිරීමේ අණදෙන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ද වන රොඩ්‍රිගස්, භූමිකම්පා හේතුවෙන් ඇති වන නිවාස ගැටළු විසඳීමට සෞඛ්‍ය සේවකයින්, ආරක්ෂක නිලධාරීන් සහ ගිනි නිවන භටයින් පැට්‍රියා වේදිකාවේ ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටියි.

එසේම ලා ගුයිරා හි 13 ක්, කැරකස් හි අටක්, මිරැන්ඩා හි දෙකක්, කැරබෝබෝ හි එකක් සහ යාරකුයි හි එකක් ඇතුළුව තාවකාලික කඳවුරු 25 ක් වශයෙන් කඳවුරු ක්‍රියාත්මක බව පැවසූ ඔහු කඳවුරු සන්නද්ධ කිරීමට සහ පීඩාවට පත් පුද්ගලයින් එහි මාරු කිරීමට බලධාරීන් ඉක්මනින් පියවර ගනිමින් සිටින බව ද සඳහන් කළා.

මත් ලෝලීන්ට සතුටුදායක ආරංචියක් - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් ඇප් එකක්

මත් ලෝලීන්ට සතුටුදායක ආරංචියක් - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් ඇප් එකක්

එමෙන්ම ජුනි 24 වන දින සිට වෙනිසියුලාවේ පසු කම්පන 782 ක් වාර්තා වී ඇතත් ඒවායේ සංඛ්‍යාතය සහ විශාලත්වය අඩු වී ඇති බවද ජෝර්ජ් රොඩ්‍රිගස් ප්‍රකාශ කර ඇත.

ඉකුත් ජූනි 24 වන දින තත්පර 39ක පරතරයක් ඇතිව වෙනිසියුලාවේ උතුරු-මධ්‍යම ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් බලපා තිබුණා.

උඩුයටිකුරු වුණු තෙල් මිලෙන් ලෝකෙම පුදුම වෙයි - සාම කතා මැද බොර තෙල් මිල තවත් පහතට

උඩුයටිකුරු වුණු තෙල් මිලෙන් ලෝකෙම පුදුම වෙයි - සාම කතා මැද බොර තෙල් මිල තවත් පහතට

ආයෙත් ලංකාවම ලොක්ඩවුන්ද? රජයේ විශ්වවිද්‍යාලයක් වසා දමයි - වෛරස් රෝගයේ අවදානම ඉහළට

ආයෙත් ලංකාවම ලොක්ඩවුන්ද? රජයේ විශ්වවිද්‍යාලයක් වසා දමයි - වෛරස් රෝගයේ අවදානම ඉහළට