රටේ දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර ඉල්ලීම පිළිබඳව ජනපතිගේ ප්‍රතිචාරය මොකක්ද?.

Report

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට පසුගිය සතියේදී බාරදී තිබේ.

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..

මේ සම්බන්ධයෙන් කරන ලද විමසුමකදී කතානායකවරයා පවසා සිටියේ ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවය.

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා මෙම ලියවිල්ල අත්සන් කළ පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 ක් ඇතුළත්ය. කෙසේ වෙතත් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේදී මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය ලබාගැනීමට සමගි ජන බලවේගය පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසා ඇත .

තහනම් අවියක් සමග "මාමියා" අත්අඩංගුවට..

තහනම් අවියක් සමග "මාමියා" අත්අඩංගුවට..

මෙම වාහන බලපත්‍රය පිළිබඳ කාරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී ඔහු ඒ පිළිබඳ විරෝධය පළ කර ඇත.

ගංවතුරෙන් අවතැන් වෙලා හිටපු පව්ලකට උදව් කරන්න ගිහින් මැණික් මුදලාලිට උන දේ..

ගංවතුරෙන් අවතැන් වෙලා හිටපු පව්ලකට උදව් කරන්න ගිහින් මැණික් මුදලාලිට උන දේ..

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේද අනුමැතිය හිමිවී තිබේ.