තහනම් අවියක් සමග "මාමියා" අත්අඩංගුවට..
නිෂ්පාදිත රටක් හඳුනාගත නොහැකි මෙරට භාවිතා නොකරන පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පැවසිය.
මෙම සැකකරු සන්තකයේ පිස්තෝලයක් ඇති බවට ලද තොරතුරකට අනුව සිදුව උතුර ප්‍රදේශයේදී ඊයේ (9) විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පිස්තෝලය සමඟ මොහු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බේස්ලයින් පාර සීදුව උතුර පදිංචි (34) හැවිරිදි "මාමියා " නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.
අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.