මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

Report

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉහළ මට්ටමක පැවැතීම නිසා වෙසක් පොහොයට සමගාමීව බත් දන්සල් පවත්වන සංවිධායකයෝ අසීරුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

මේ වන විට තොග වෙළෙඳපොළට සාපේක්ෂව සිල්ලර වෙළෙඳපොළේ එළවළු මිල ගණන් 30% - 50% අතර පරාසයකින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව බෝංචි රුපියල් 500-600ත් අතර, මාළු මිරිස් රුපියල් 450-500ත් අතර, තක්කාලි රුපියල් 300-330ත් අතර, කැරට් රුපියල් 250-350ත් අතර, නෝකෝල් රුපියල් 350-360ත් අතර, වැටකොළු රුපියල් 260-400ත් අතර, දඹල රුපියල් 300-380ත් අතර, දෙහි රුපියල් 360-400ත් අතර සහ වම්බටු රුපියල් 400 - 450 ත් අතර ආදී වශයෙන් එළවළු කිලෝ ග්‍රෑමයක තොග මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ලංකාවම බලන් සිටි IMF තීරණය ලබා දෙයි - අ. ඩොලර් මිලියන 695ක වාරිකය දීමට අනුමැතිය

ලංකාවම බලන් සිටි IMF තීරණය ලබා දෙයි - අ. ඩොලර් මිලියන 695ක වාරිකය දීමට අනුමැතිය

කෙසේ වුවද වට්ටක්කා, ගෝවා, කැකිරි ආදි එළවළු වර්ගවල කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 100කට වඩා අඩු මට්ටමක පවතින බව සඳහන්.

මෙසේ එළවළු මිල ගණන් ඉහළ යාම නිසා බත් දන්සල් සංවිධායකයන් බොහෝ දෙනකු වට්ටක්කා පමණක් එළවළු වර්ග අතරින් තෝරා ගෙන ඇති අතර බත් දන්සල්වල වැඩි ප්‍රමුඛතාවක් ලබාදී ඇත්තේ සෝයා මීට්, පරිප්පු, සම්බෝල සහ පපඩම් ආදියට බව වාර්තා වේ.

මේ අතර ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග පවසන්නේ සාමාන්‍යයෙන් මාර්තු මාසයේ සිට ජුනි මාසය දක්වා කාලයේදී එළවළු අස්වැන්න අඩුවීම නිසා එළවළු මිල ගණන් ඉහළ යන බවයි.

මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි - සියලුම ප්‍රධාන පල්ලිවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි - සියලුම ප්‍රධාන පල්ලිවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

අද ඕනේම වැඩකට අතගහන්න පෙර ඔබේ ලග්නයට අනුව සුබ අසුබ වෙලාව දැනගන්න

අද ඕනේම වැඩකට අතගහන්න පෙර ඔබේ ලග්නයට අනුව සුබ අසුබ වෙලාව දැනගන්න

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා