වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි

Economy of Sri Lanka Latest Headlines Value Added Tax​ (VAT) Sinhala news gagana news
By Shehan Sep 03, 2025 05:27 AM GMT
Shehan

Shehan

Report

සරල කරන ලද එකතු කළ අගය මත අය කරන බදු ක්‍රමය (SVAT) වෙනුවට එකතු කළ අගය මත අය කරන බදු ක්‍රමය (VAT) 2025 ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අවදානම් කළමනාකරණ අංශයේ කොමසාරිස් ප්‍රියංකා දිසා බණ්ඩාර මහත්මිය පැවසුවාය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (02) පැවති ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනකදී, කොමසාරිස්වරිය මෙම තීරණය පිළිබඳව විස්තර කළාය. අන්තර්ජාතික අපනයනකරුවන් ඇතුළු ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් මත මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළාය. 

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට

සාම්ප්‍රදායක ක්‍රමය මගින් අන්තර් ජාතික වෙළෙඳාමේ නිරත අපනයනකරුවන්ට හිමි සහන කප්පාදු නොවන බව ද මෙතෙක් වවුචරයක් මගින් බදු ගෙවන ලද ක්‍රමය වෙනුවට මුදලින් බදු ගෙවීම සිදුවන බව ද ඇය සඳහන් කළාය.

ඊට අමතරව කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉහළ අවදානම්, පහළ අවදානම් සහ මධ්‍යම අවදානම් වශයෙන් බදු ගෙවන ව්‍යාපාරික ආයතන කාණ්ඩ කිරීම සිදුකරන බව ද කොමසාරිස්වරිය පැවැසුවාය.

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

වැට් බදු ගොනු පවත්වාගෙන යන සෑම ව්‍යාපාරිකයකුම බදු වාර්තා නියමිත දිනට ලබාදීම, බදු මුදල් නියමිත වාරික ප්‍රමාණයෙන් ගෙවීම ඇතුළු අදාළ නිර්ණායක සපුරාලිය යුතු බව ද කොමසාරිස්වරිය සිහිපත් කළාය.

මෙම අවස්ථාවට දේශීය ආදායම් කොමසාරිස්වරුන් වන ඩී.ජී. දිසානායක, සනත් හෙට්ටිආරච්චි, මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ කොමසාරිස් මංජුලා ලියනාරච්චි ඇතුළු පිරිසක් සහභාගී වූහ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

අද ඔබේ දිනය ගැන කියන ලග්න පලාපල - සුරක්ෂිතව ඉදිරියට යන්න

අද ඔබේ දිනය ගැන කියන ලග්න පලාපල - සුරක්ෂිතව ඉදිරියට යන්න