අද රෑ 12 ඉඳන් ලංවීම අකුරට වැඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා, කරන්න දෙයක් නෑ ජනතාව අපහසුතාවට පත්වුණාත් අපිට දරුණු වෙන්න වෙනවා - ප්‍රභාත්

Report

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අද (04) දින මධ්‍යම රාත්‍රීයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇත.

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

ඒ අනුව මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

“දැනට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන වෘත්තීය සමිතිය හැරෙන්න අනිත් සියලුම වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රී 12 සිට ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරු , විදුලි අධිකාරීවරු, කාර්මික ශ්‍රේණියේ සියලුම දෙනා එක්ක අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙනවා. යෝජනා 21ක ලියවිල්ලක් ඊයේ දවසේදී අමාත්‍යාංශයට භාර දුන්නා. මේකට පැහැදිලි ප්‍රතිචාරයක් අමාත්‍යාංශය පැත්තෙන් ලැබෙන්නේ නැත්නම් 16 සිට 21 වැනිදා වෙනකන් මේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයේ දෙවැනි අධියරට අපි යනවා. ඒක මීට වඩා පොඩ්ඩක් දරුණු වෙනවා. 21 වැනිදායින් පස්සෙත් අපිට මේකට උත්තරයක් නැත්නම් පැහැදිලිවම මේ රටේ විදුලි පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වෙන කාරණයකට අපිට කණගාටුවෙන් වුණත් යන්න වෙනවා. ” යනුවෙන්.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්