වසර දෙකකට පසු නරකම ආරංචියක් - මහ බැංකුවෙන් නිවේදනයක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 310.02ක් ලෙස වාර්තා වී ඇත.

2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 306.28ක් හා විකුණුම් මිල රු. 313.81ක් ලෙසින් සටහන් වී ඇත.

පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් - අලුත්ම ආරංචිය මෙන්න

පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් - අලුත්ම ආරංචිය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේ පසුගිය 2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%කින් අවප්‍රමාණය වී ඇති බවයි.ඒ අනුව වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු. 310 මිල පසු කිරීම කැපී පෙනෙයි.

ආපදාවට ලක්වූවන්ට මේ සතියේ අලුත් නිවසක් - රු. 25,000 දීමනාව පිළිබදවත් තොරතුරු

ආපදාවට ලක්වූවන්ට මේ සතියේ අලුත් නිවසක් - රු. 25,000 දීමනාව පිළිබදවත් තොරතුරු