හදිසි තත්ත්වයක් - මැද පෙරදිග යුද්ධය පාලනයෙන් තොරයි - දරුණු අගාධයකට ඇද වැටීමේ අවදානමක්

Report

අද (07) අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ මැද පෙරදිග කලාපය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය උත්සන්න වෙමින් පවතින බැවින්, රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට ඇති අවස්ථා ශීඝ්‍රයෙන් අහිමි වෙමින් පවතින බව කටාර් රාජ්‍යය අනතුරු අඟවා ඇති බවයි.

කටාර් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක මාජෙඩ් අල්-අන්සාරි ප්‍රකාශ කර ඇත්තේ, කලාපීය තත්ත්වය ඕනෑම මොහොතක පාලනයෙන් තොරව දරුණු අගාධයකට (Spiral out of control) ඇද වැටීමේ අවදානමක් පවතින බවයි.

සුළු මොහොතකට පෙර ට්‍රම්ප්ගෙන් ලොවම හෙල්ලෙන නිවේදනයක් - ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි - අද රාත්‍රිය මුළු ශිෂ්ටාචාරයකම අවසානය

සුළු මොහොතකට පෙර ට්‍රම්ප්ගෙන් ලොවම හෙල්ලෙන නිවේදනයක් - ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි - අද රාත්‍රිය මුළු ශිෂ්ටාචාරයකම අවසානය

දීර්ඝකාලීන සතුරුකම් පවත්වාගෙන යාම කිසිදු රටක දිගුකාලීන අවශ්‍යතාවලට නොගැලපෙන බවත්, මෙම යුදමය වාතාවරණය දිගින් දිගටම පැවතුනහොත් ජයග්‍රාහකයින් කිසිවකු ඉතිරි නොවන බවත් ඔහු නිවේදනය කර ඇත.

සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර මෙන්ම බලශක්ති යටිතල පහසුකම් විනාශ කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව ද අල්-අන්සාරි ප්‍රකාශ කර ඇත. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ඕනෑම පාර්ශවයක් විසින් සිදු කරන එවැනි ක්‍රියා ජාත්‍යන්තර මට්ටමින් ප්‍රතික්ෂේප විය යුතු බවයි.

ඉරානයම කැළඹෙයි - දුම්රියෙන් ගමන් කරන්න එපා - රාත්‍රී 9:00 දක්වා ඉරාන ජනතාවට අනතුරු ඇඟවීම්

ඉරානයම කැළඹෙයි - දුම්රියෙන් ගමන් කරන්න එපා - රාත්‍රී 9:00 දක්වා ඉරාන ජනතාවට අනතුරු ඇඟවීම්

ලොව වැදගත්ම තෙල් ප්‍රවාහන මර්මස්ථානයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එය ස්වභාවික සමුද්‍ර සන්ධියක් මිස කෘතිමව තැනූ ඇළක් නොවන බවයි.

එබැවින් එම කලාපයේ පිහිටි සියලුම රටවලට හෝර්මුස් සමුද්‍ර සන්ධිය නිදහසේ භාවිතා කිරීමට පූර්ණ අයිතිය පවතින බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

සියල්ල අවසානයි - ඉරානය සටන් විරාමයට බෑ කියයි - ඇමරිකාවට ලෝකයම ඉදිරියේ දරුණු ලැජ්ජාවක්

සියල්ල අවසානයි - ඉරානය සටන් විරාමයට බෑ කියයි - ඇමරිකාවට ලෝකයම ඉදිරියේ දරුණු ලැජ්ජාවක්