සමලිංගික මන්ත්‍රීට නිදහස දුන්න විතරයි රටේ ලොකු උද්ඝෝෂණයක්

Report

අමෙරිකාවේ වංචා සහ සොරකම් චෝදනා යටතේ සිර දඬුවම් විඳිමින් සිටි හිටපු කොංග්‍රස් මන්ත්‍රීවරයකු වන ජෝර්ජ් සැන්ටෝස්ගේ සිර දඬුවම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

ඔහු සමාජ මාධ්‍ය සටහන් සහ සම්මුඛ සාකච්ඡාවලදී අවධාරණය කළේ තම දඬුවම අධික ලෙස දරුණු සහ දේශපාලනිකව අභිප්‍රේරණය වූවක් බවයි. සැන්ටෝස් එක් කලෙක රිපබ්ලිකන් පක්ෂයේ නැගී එන තරුවක්  විය.

පාසල් දරුවන්ට සුභ ආරංචියක් - ලොකු කරදරයක් ඉවරයි

පාසල් දරුවන්ට සුභ ආරංචියක් - ලොකු කරදරයක් ඉවරයි

ඔහු 2022 දී කොන්ග්‍රසයට තේරී පත්වූ පළමු විවෘත සමලිංගික රිපබ්ලිකන්වරයා බවට පත් විය. කෙසේ වූවද ඔහුගේ මෙම ඇතැම් ක්‍රියාකාරකම් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක් නිර්මාණය වී ඇත.

දහස් ගණන් අමෙරිකානු ජනතාව අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසි, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක එක්වී විරෝධතා පවත්වයි.

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

ට්‍රම්ප් පරිපාලනය ෆැසිස්ට්වාදය සහ ඒකාධිපති රාජ්‍යක් කරා එක්සත් ජනපදය රැගෙන යමින් ඇති බවත් කොංග්‍රසය අනුමත කර ඇති අරමුදල් අවහිර කිරීම සහ ෆෙඩරල් රජයේ කොටස් විසුරුවා හැරීම, සංක්‍රමණිකයින් මර්දනය, පුළුල් තීරුබදු ක්‍රියාත්මක කිරීම, අමෙරිකානු නගරවලට ජාතික ආරක්ෂක භටයින් යෙදවීම අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය සේවා කප්පාදුව ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් විරෝධතාකරුවන් මෙහිදී විරෝධය දක්වා ඇත.

මේ වනවිට අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාව අතර ඩොනල්ට් ට්‍රම්ප් අප්‍රසාදයට ලක්ව සිටින අතර දෙවැනි වරට බලයට පත්වීමත් සමග ට්‍රම්ප් පරිපාලනය විසින් ගනු ලැබූ ඇතැම් දැඩි තීන්දු තීරණ හේතුවෙන් ලොව පුරා රටවල් රැසක අවධානය දිනා ගැනීමටද ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.

සුභ ආරංචියක් - රන් මිල පහලට

සුභ ආරංචියක් - රන් මිල පහලට

විශේෂයෙන් තීරුබදු පැනවීම මගින් ලොව පුරා රටවල් රැසකින් ට්‍රම්ප්ට විවේචන එල්ල වූ අතර එම තීරුබදු හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය විනාශයේ ගමන් මාර්ගයකට යොමු වෙමින් පවතින බව සඳහන් කරමින් එක්සත් ජනපදයේද විරෝධතා ව්‍යාපාරද නිර්මාණය විය.