IPL කණ්ඩායම් ගන්න බිලියනපතියෝ පොරකයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ කණ්ඩායම් දෙකක බහුතර කොටස් මිලදී ගැනීම සඳහා ඇමරිකානු බිලියනපති ඩේවිඩ් බ්ලිට්සර් (David Blitzer) දැඩි උනන්දුවක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හරහා මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සම සභාපති අව්රම් ග්ලේසර් (Avram Glazer) සහ ඉන්දීය ප්රකෝටිපතියන් අතර කොටස් අත්පත් කර ගැනීමේ දැවැන්ත ව්‍යාපාරික සටනක් නිර්මාණය වී ඇත.
'Harris Blitzer Sports & Entertainment' හි සම-නිර්මාතෘ බ්ලිට්සර්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් දෙක පිළිබඳව සොයා බලමින් සිටින බව වාර්තා වේ. මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරු වන ග්ලේසර් ද මෙම කණ්ඩායම් දෙකේම කොටස් මිලදී ගැනීම සඳහා මූලික ලංසු ඉදිරිපත් කර ඇත.
පසුගිය වසරේ IPL ශූරයන් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හි වටිනාකම ඩොලර් බිලියන 1.8 ක් පමණ වන බව වේ. RCB කණ්ඩායමේ ආදායම පසුගිය වසර තුනක කාලය තුළ 73% කින් ද, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආදායම එම කාලය තුළම 136% කින් ද ඉහළ ගොස් ඇත.
එහි ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනාවාලා RCB කණ්ඩායම සඳහා ශක්තිමත් ලංසුවක් ඉදිරිපත් කරන බවත් පවසා තිබේ.
මනිපාල් අධ්‍යාපන සහ වෛද්‍ය සමූහයේ සභාපති රංජන් පායි ද බැංගලෝර් කණ්ඩායමේ කොටස් කෙරෙහි අවධානය යොමු කර ඇති අතර KKR සහ Blackstone වැනි ගෝලීය ආයෝජන ආයතන ද මෙම කණ්ඩායම් දෙකේ කොටස් කෙරෙහි උනන්දුවක් දක්වන බව වාර්තා වේ.
අවසාන ලංසු ඉදිරිපත් කිරීමේ අවසාන දිනය මාර්තු මැද භාගය ලෙස නියම කර ඇති අතර ඕනෑම ගනුදෙනුවක් සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) අනුමැතිය අත්‍යවශ්‍ය වේ.