බහාලුම් ගැටලුව විසදිමට විශේෂ තේරීම් කාරක සභාවට නව සාමාජිකයෙක්

Report

කොළඹ වරායෙන් බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට නව සාමාජිකයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත් කර තිබේ.

ස්ථාවර නියෝග 106 විධිවිධානය යටතේ මෙම පත්කිරීම සිදු කර ඇති බව අද කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්හ.

මෙම කාරක සභාවේ පෙර සාමාජිකවරයෙකු වූ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා මෙසේ නම් කර ඇත. කාරක සභාවේ ප්‍රධානත්වය දරන්නේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතායි.

ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ

ලොකු ප්‍රශ්ණයක් - නාමල් රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධානවලින් දැඩි විරෝධතා - මෙන්න විස්තරේ

මෙම කමිටුව බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සොයා බැලීමට, වාර්තාවක් සකස් කිරීමට සහ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර ඇති අතර, එහි විමර්ශන කටයුතු මාස තුනක් තුළ අවසන් කිරීමට තීරණය කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ගෙන් සාක්ෂි ලබාගැනීම් ඇතුළු කටයුතු පෙරදිනවලදී සිදු වී ඇති අතර, එය රේගු ක්‍රියාවලි, වරාය කළමනාකරණය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් විවාදයට ලක්ව තිබේ.  

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි