පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Report

අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

අ පාර්ලිමේන්තු නිල දිනදසුන (Order Paper) අනුව අද දිනයේ ප්‍රධාන කටයුතු මෙසේය.

පෙ.ව. 9:30 – 10:00: ස්ථාවර නියෝග 22(1) සිට (6) දක්වා සාමාන්‍ය පාර්ලිමේන්තු කටයුතු. පෙ.ව. 10:00 – 11:00: වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න උදාහරණයක් ලෙස වතු කම්කරුවන්ගේ ආරක්ෂාව, වන සතුන්ගේ ප්‍රහාර, වතු නිවාස සංවර්ධනය ආදී ප්‍රශ්න.

පෙ.ව. 11:00 – 11:30: ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න. පෙ.ව. 11:30 සිට ප.ව. 5:00 දක්වා: විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත (Special Commodity Levy Act) යටතේ නියමයන් තුනක් අනුමත කිරීම සඳහා විවාදය.

රේගු ආඥාපනත (Customs Ordinance - Chapter 235) යටතේ අංක 2464/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ වූ යෝජනා සම්මතය.

මෙන්න මේ ලග්න වලටනම් අද සුබ‍යි, අද ලග්න පලාපල මෙන්න

මෙන්න මේ ලග්න වලටනම් අද සුබ‍යි, අද ලග්න පලාපල මෙන්න

මෝටර් වාහන පනත (Motor Traffic Act - Chapter 203) යටතේ නියෝග දෙකක් විවාදයට ගෙන අනුමත කිරීම. පසුව ප.ව. 5:00 – 5:30 කාලය සභාව කල් තැබීමේ අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් වේ.

එහි සජීවී දර්ශන ඉහතින් නරඹන්න.