බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් - තත්ත්වය නිරීක්ෂණයට ඩ්‍රෝන යානා ද යොදවයි

Report

බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (06) රාත්‍රී 10.20 ට පමණ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

බන්ධනාගාරයේ 'E' වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම එම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇති අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් මෙයට හේතුවී ඇති බව වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

අද 2න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට සිද්ධ වෙන්න යන දේ මෙන්න - අවදානයෙන් සිටින්නයැයි විශේෂ නිවේදනයක්

අද 2න් පසු දිවයිනේ මේ ප්‍රදේශවලට සිද්ධ වෙන්න යන දේ මෙන්න - අවදානයෙන් සිටින්නයැයි විශේෂ නිවේදනයක්

ආරක්ෂක අංශ සඳහන් කරන්නේ මේ වන විට එම නොසන්සුන්කාරී තත්ත්වය යම් දුරකට පාලනය කර ඇති අතර බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

එසේම බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන යානා ද යොදවා ඇති අතර, සිදුවීමත් සමඟ බන්ධනාගාරය ඉදිරිපිට ජනතාව පිරිසක් ද රැස්ව සිටි බව වාර්තා වේ.

තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් - නැවත අරඹන දිනයන් දන්වා සියලුම පාසල්වලට නිවේදනයක්

තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් - නැවත අරඹන දිනයන් දන්වා සියලුම පාසල්වලට නිවේදනයක්