ගල් අගුරු ටෙන්ඩරයට පුබුදු ජයගොඩගෙන් චෝදනා

By Kanchana Sep 30, 2025 08:16 AM GMT
Report

මෙරට විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල්අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට දීමෙන් බරපතළ දූෂණයකට පාර කැපී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කොට තිබේ.

විදුලි ජනනයට අදාළ ගල්අඟුරු සැපැයීමේ ටෙන්ඩරය ඉකුත් 15දා විවෘත කළ බවත් අවම ලංසුව ඉදිරිපත් කර තිබූ දූෂණ රැසක් එල්ල වී තිබූ සමාගමට ටෙන්ඩරය හිමිවූ බවත් පොළොන්නරුව, බැඳිවැව ප්‍රජා හෝටල් ශාලාවේ 28 දා පැවැති සම්මන්ත්‍රණයකදී පුබුදු ජයගොඩ මහතා පැවසන ලදි. මෙහි ප්‍රශ්න ගණනාවක් උද්ගත වී ඇති බවත් එම ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කළාදැයි සැකයක් මතුවන බවත් ඔහු ප්‍රකාශ කරන ලදි.

එහිදී වැඩිදුරටත් ජයගොඩ මහතා ප්‍රකාශ කරන ලද්දේ 2021 දී ලංකා ගල්අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල්අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක ලෙස GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල්අඟුරු අවම වශයෙන් මෙටි්‍රක් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල්අඟුරු සංචිතයක් තිබෙන සමාගම් පමණක් ලියාපදිංචි කරන බවත්නමුත් මේ තිබෙන 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙටි්‍රක් ටොන් 100,000 ක සංචිත තිබිය යුතුයි ලෙස වෙනස් කර ඇති බවයි.

මෙම සමාගමට ලියාපදිංචිය දී ඇත්තේ සුදුසුකම් නිර්ණායකය මෙටි්‍රක් ටොන් මිලියන 1 සිට මෙටි්‍රක් ටොන් 100,000 දක්වා 90% කින් අඩුව බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කරනු ලැබීය.

නොබෙල් නෙවෙයි ගිනස් වාර්තාවක් නේද තියලා තියෙන්නේ සොරි මට ටිකක් පැටලුණා, ආයෙත් නාපු හඳුන්නෙත්ති

නොබෙල් නෙවෙයි ගිනස් වාර්තාවක් නේද තියලා තියෙන්නේ සොරි මට ටිකක් පැටලුණා, ආයෙත් නාපු හඳුන්නෙත්ති

මෙය පැහැදිලිව සැක සහිත වන බවත් ඒ සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙන බව ඔහු පෙන්වා දෙන ලදි. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙටි්‍රක් ටොන් 30,000 ක් සැපයීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව ඔහු තව දුරටත් ප්‍රකාශ කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මස් කර විකුණන පනතට එරෙහිව සේවකයන් අරගල කරන විට විදුලිබල සැපැයුම් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් නමුත් වෙනදා මාර්තු මාසයේදී කැඳවන ගල්අඟුරු ආනයන ටෙන්ඩරය ජූලි මාසය දක්වා ප්‍රමාද වෙනවිට විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බව අමතක වූ බවයි ඔහු සදහන් කළේ.

ඉන්ධන මිල සංශෝධනයක්

ඉන්ධන මිල සංශෝධනයක්

සාමාන්‍ය ජනතාව සහ සුළු නිෂ්පාදකයන් ජාතික විදුලිබල සැපැයුමට දායකවූ වහල මත සූර්ය පැනල අධෛර්යවත් කරන තීරණ ගන්නා විට එය අත්‍යවශ්‍ය බව රජය අමතක කල බවත්. ජනතාවට දරා ගන්න බැරි ලෙස දිගින් දිගටම විදුලි ගාස්තු අසීමාන්තිකව ඉහළ නංවන විටත් එය ජන ජීවිත පවත්වාගෙන යෑමේදී මෙය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස කටයුතු නොකළ බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.

පාසලට ගිය දරුවෝ ලෙඩ වෙලා - 40ක් රෝහලේ

පාසලට ගිය දරුවෝ ලෙඩ වෙලා - 40ක් රෝහලේ

ජවිපෙ සම්බන්ධ චෝදනා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රතික්ෂේප කරයි

ජවිපෙ සම්බන්ධ චෝදනා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රතික්ෂේප කරයි