ආපදාවට ලක් වූ ප්‍රදේශවල සිසුන්ට අමතර නිල ඇඳුමක්

Report

මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වී සිටින පාසල් දරුවන් ලක්ෂ 5කගෙන් 50%කට පමණ නිල ඇඳුම් අවශ්‍යතාවය පවතින බවත් ඒ හේතුව නිසා එම පාසල් දරුවන්ට අමතර පාසල් නිල ඇඳුම් කට්ටලය බැගින් පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන යටතේ ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ‍ලේකම් නාලක කළුවැව සඳහන් කර තිබේ.

ඒ අනුව අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ අදාල පළාත්වල පාසල් දරුවන් ලක්ෂ දෙකහමාරකට පමණ පළාත් මට්ටමින් මෙම අමතර නිල ඇඳුම් කට්ටලය බැගින් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි .

ඒ වගේම දෙසැම්බර් 16 වැනිදා පාසල් ආරම්භ වන බවත් නිල ඇඳුම් නොමැති දරුවන්ට සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවසර ලබා දී ඇති බවත් එතුමා සදහන් කර තිබේ.

දෙසැම්බර් 16 ආරම්භ නොවන පාසල් ගැන නිල දැනුම්දීමක් - විවෘත කිරීමට නොහැකි පාසල් 147 මෙන්න

දෙසැම්බර් 16 ආරම්භ නොවන පාසල් ගැන නිල දැනුම්දීමක් - විවෘත කිරීමට නොහැකි පාසල් 147 මෙන්න

ඊට අමතරව ආපදාවට ලක් වූ ප්‍රදේශවල පාසල්වල ගුරු මණ්ඩල සහ අදාළ කාර්ය කාර්මණ්ඩලවල ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට දැනට තීරණය කර ඇති බවත් ලේකම්වරයා තවදුරටත් සදහන් කරයි.

ඒ අනුව  ගැටලුවක් මතුව ඇති කාර්ය මණ්ඩලයට ද සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවසර ලබාදී ඇති බව  අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දෙයි.

තවදුරටත් එතුමා සදහන් කරන්නේ මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වී සිටින පාසල් දරුවන් ලක්ෂ 5කගෙන් 50%කට පමණ නිල ඇඳුම් අවශ්‍යතාවය පවතින බවයි.

 එම පාසල් දරුවන් සදහා අමතර පාසල් නිල ඇඳුම් කට්ටලය බැගින් පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන යටතේ ලබාදීමට තීරණය කර ඇති බව  ලේකම්වරයා සදහන් කර තිබේ.     

ඒ අනුව අදාල පළාත්වල පාසල් දරුවන් ලක්ෂ දෙකහමාරකට පමණ පළාත් මට්ටමින් මෙම අමතර නිල ඇඳුම් කට්ටලය බැගින් ලබාදීම සදහා කටයුතු කරන බව අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරයි.      


පාසල්වල 06 ශ්‍රේණියට සිසුන්ගේ අයදුම්පත්‍ර යොමු කිරීම ගැන දැනුම්දීමක්

පාසල්වල 06 ශ්‍රේණියට සිසුන්ගේ අයදුම්පත්‍ර යොමු කිරීම ගැන දැනුම්දීමක්