ලන්ඩනයේ ප්‍රථම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීනී..

Report

මෙවර මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ .

කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ උමා කුමරන් නම් ඇය සිවිල් යුද සමයේදී සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යට පළාගිය දෙමළ ජාතික යුවළක දාව නැගෙනහිර ලන්ඩනයේදී උපත ලබූ තරුණියකි.

මොකක්ද මේ ලබන සතියේ කරන්න යන විශේෂ වැඩේ..

මොකක්ද මේ ලබන සතියේ කරන්න යන විශේෂ වැඩේ..

මේ අතර, ඓතිහාසික ජයක් වාර්තා කරමින් බ්‍රිතාන්‍යයේ 58වැනි අගමැති ධුරයට පත් කියර් ස්ටාමර් නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අතරට කාන්තාවන් 11 දෙනෙකුද අයත් වන අතර කැබිනට් මණ්ඩලයේ ඉහළම ධුර ද්විත්වයක් වන උප අගමැති ධුරය සහ පාර්ලිමේන්තුවේ චාන්ස්ලර් ධුරයද හිමිව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකුට වීම විශේෂත්වයකි.

ඒ අනුව, 2015 වසරේදී කම්කරු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඇන්ජේලා රේනර් හට බ්‍රිතාන්‍ය උප අගමැති ධුරය හිමි වූ අතර රේචල් රීව්ස්හට පාර්ලිමේන්තුවේ චාන්ස්ලර් ධුරය හිමිවිය.ඒ අනුව රේචල් වාර්තා අතරට එක්වන්නේ එම ධුරයට පත් පළමු කාන්තාව ලෙසය.

රක්ෂිතයේ දර කඩන්න ගිහින් අතුරුදහන් වූ තිදරු පියා කුඩැල්ලන් ශරිරය පුරා ලේ උරාබීම නිසා විජලන තත්ත්වයෙන් සිටියදී හමුවේ..

රක්ෂිතයේ දර කඩන්න ගිහින් අතුරුදහන් වූ තිදරු පියා කුඩැල්ලන් ශරිරය පුරා ලේ උරාබීම නිසා විජලන තත්ත්වයෙන් සිටියදී හමුවේ..

2000 වසරේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලාබාලතම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක්වූ ඩේවිඩ් ලැමී විදෙස් කටයුතු ලේකම්වරයා ලෙස පත්වී තිබේ.