ට්‍රම්ප්ගේ විරෝධයෙන් පසු එක්සත් රාජධානිය චාගෝස් ගිවිසුම අත්හිටුවයි
ඇමරිකා එක්සත් ජනපදය විසින් නිල අනුමැතිය තහවුරු කිරීමට තවමත් අසමත් වීමත්, ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සබඳතා තදින් පිරිහෙමින් යාමත් අතරතුර, සර් කීර් ස්ටාර්මර් විසින් චාගෝස් දූපත් සම්බන්ධ ගිවිසුම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ගිවිසුමට මුලින් සහය දක්වා තිබුණද, ට්‍රම්ප් විසින් එය අවලංගු කරන ලෙස ස්ටාර්මර්ගෙන් ඉල්ලා ඇති අතර, ඉකුත් ජනවාරි මාසයේදී එම සැලැස්ම “සම්පූර්ණයෙන්ම දුර්වල ක්‍රියාවක්” ලෙසද විවේචනය කර තිබුණි.
බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින චාගෝස් දූපත් මොරිෂස් වෙත පවරා දීමට යෝජිත ගිවිසුම සම්පූර්ණයෙන් අත් නොහරින බව එක්සත් රාජධානියේ රජයේ නිලධාරීන් සඳහන් කළද, පාර්ලිමේන්තුව කල් දැමීමට පෙර එය නීතිගත කිරීමට අවශ්‍ය කාලය නොමැති බව ද පෙන්වා දෙයි.
එමෙන්ම, මැයි මැද භාගයේ පැවැත්වීමට නියමිත රජුගේ කතාවට නව චාගෝස් පනත් කෙටුම්පතක් ඇතුළත් නොවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
තවද, ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවරක් වන ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබිය යුතු නිල ලිපි හුවමාරුව තවමත් ලැබී නොමැති බවද වාර්තා වේ.
චාගෝස් දූපත් ඉන්දියානු සාගරයේ පිහිටා ඇති අතර 19 වන සියවසේ මුල් භාගයේ සිට බ්‍රිතාන්‍යය ඒවා පාලනය කර ඇත.