තවත් අනතුරක් සමඟ බාවි කුණාටුව පැසිෆික් සාගරයට ඇතුල් වේ - අඩි 35ක් තරම් උසැති යෝධ මුහුදු රළ දූපත් වෙත කඩා වදියි

Report

පැසිෆික් සාගරයේ පිහිටි, ඇමෙරිකාවට අයත් කුඩා දූපත් සමූහයක් වෙත ‘බාවි’ (Bavi) නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව අතිශය විනාශකාරී ලෙස කඩා වැදී තිබේ.

ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ පැයට කිලෝමීටර් 290ක අතිවිශාල වේගයකින් කඩා වැදුණු මෙම කුණාටුව හේතුවෙන් මුහුද දැඩි ලෙස කැළඹීමට ලක්ව ඇති අතර, අඩි 35ක් තරම් උසැති යෝධ මුහුදු රළ දූපත් වෙත කඩා වැදී ඇති බවයි. මෙම සුළි කුණාටුව ප්‍රධාන වශයෙන්ම ගුවාම්, උතුරු මරියානා  සහ රොටා යන දූපත්වලට බලපෑම් එල්ල කර තිබේ.

බදු ගෙවන ඔබට විශේෂ දැනුම්දීමක් - මේ සතියේ දිවයින පුරා ක්‍රියාත්මකයි

බදු ගෙවන ඔබට විශේෂ දැනුම්දීමක් - මේ සතියේ දිවයින පුරා ක්‍රියාත්මකයි

ඉන් වඩාත්ම ප්‍රබල සහ බරපතළ හානි සිදුවී ඇත්තේ උතුරු මරියානා දූපතටය. කුණාටුව සමඟ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් දූපත්වල ස්ථාන කිහිපයකම දැඩි ජල ගැලීම් වාර්තා වන අතර නිවාස රැසකට ද දැඩි හානි සිදුවී ඇත.

එසේම, ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග අවහිර වී ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති අතර, විදුලි බල සැපයුම්වලට ද බාධා එල්ල වී තිබේ.

කාලගුණ විද්‍යාඥයන් විසින් මෙම සුළි කුණාටුව පිළිබඳව කල්තියා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බැවින්, දූපත්වල අනාරක්ෂිත ස්ථානවල පදිංචිව සිටි වැසියන් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට රජයෙන් විශේෂ නියෝගයක් - දැන් සිට වහාම ක්‍රියාත්මක වේ

මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට රජයෙන් විශේෂ නියෝගයක් - දැන් සිට වහාම ක්‍රියාත්මක වේ

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ වන විට පැසිෆික් සාගර කලාපය කේන්ද්‍ර කරගනිමින් ‘එල් නීනෝ’ විපරිත කාලගුණ පෙරැළිය ආරම්භ වී ඇති බවයි.

ඒ අනුව, මෙම ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් ‘බාවි’ සුළි කුණාටුව ද එම ‘එල් නීනෝ’ කාලගුණ පෙරැළියේ සෘජු ප්‍රතිඵලයක් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.