මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට රජයෙන් විශේෂ නියෝගයක් - දැන් සිට වහාම ක්‍රියාත්මක වේ

Report

බලශක්ති අර්බුදය සහ රජයේ වියදම් පාලනය කිරීම අරමුණු කරගනිමින් මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ විශේෂ සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊට අදාළ නව චක්‍රලේඛය සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත නිකුත් කර ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් හටගත් බලශක්ති අර්බුදය හමුවේ රජයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව සීමා කිරීමට රජය මීට පෙර පියවර ගෙන තිබුණි.

ලංකාවේම බන්ධනාගාර ගැන තීරණයක් ගන්න බන්ධනාගාර ප්‍රධානීන් කැදවයි

ලංකාවේම බන්ධනාගාර ගැන තීරණයක් ගන්න බන්ධනාගාර ප්‍රධානීන් කැදවයි

ඒ අනුව, පසුගිය අප්‍රේල් මස 2 වනදා නිකුත් කළ චක්‍රලේඛය මඟින් නියෝග කර තිබුණේ මාර්තු මස පළමු වෙනි දින පැවති ඉන්ධන මිල පදනම් කර ගනිමින් පමණක් එම දීමනාවන් ගෙවිය යුතු බවයි.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නවතම ලිපිය මඟින් අප්‍රේල් මස නිකුත් කළ එම චක්‍රලේඛය සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබේ.

බදු ගෙවන ඔබට විශේෂ දැනුම්දීමක් - මේ සතියේ දිවයින පුරා ක්‍රියාත්මකයි

බදු ගෙවන ඔබට විශේෂ දැනුම්දීමක් - මේ සතියේ දිවයින පුරා ක්‍රියාත්මකයි

ඒ අනුව, මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සඳහා ජූලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් වර්තමානයේ වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ගණන් යටතේම ඉන්ධන නිකුත් කිරීම සහ දීමනා ගෙවීම් සිදු කෙරෙනු ඇත.