පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

Report

තායිවාන බලධාරින් විසින් පැයට කිලෝමීටර 200ක පමණ ප්‍රබලත්වයෙන් යුතු 'බාවි' සුළි කුණාටුවේ බලපෑම් ඇති විය හැකි බැවින් සූදානම්ව සිටින ‍ලෙසට එරට ජනතාවට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව ඉකුත් 2024 වසරෙන් පසු ආසියා-පැසිෆික් කලාපයට බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය විය හැකි බව පවසයි.

එමෙන්ම 1987 වසරෙන් පසුව තායිවානයට පහර දෙන විශාලතම කුණාටුව බාවි වනු ඇති බවට මධ්‍යම කාලගුණ පරිපාලන අනාවැකිකරු ජේසන් චැං සඳහන් කළේ මෑත වසරවලදී සමාන ප්‍රමාණයේ කුණාටු "තරමක් දුර්ලභ" බව කියමින්.

'බාවි' සුළි කුණාටුව තායිවානය දෙසට චිනයත් සිරුවෙන්

'බාවි' සුළි කුණාටුව තායිවානය දෙසට චිනයත් සිරුවෙන්

ඊට අමතරව තායිවානයේ බලධාරීන් අනාවැකි පළ කරන්නේ තායිපේ අවට දිවයිනේ උතුරු කඳුකරයට මීටර් 1 ක් දක්වා වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවයි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ 2024 දී කොං-රේ චණ්ඩ මාරුතයෙන් පසු එහි බලවත්ම චණ්ඩ මාරුතය විය හැකි බැවින් ඒ සඳහා සොල්දාදුවන් 29,000 ක් පමණ සූදානම්ව තබා ඇති බවයි.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේශගුණික විපර්යාස හේතුවෙන් චීනය, ජපානය සහ තායිවානයට මෙවැනි විනාශකාරී කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි.

එබැවින් අවශ්‍ය ආහාර, විදුලි පන්දම් ඇතුළු හදිසි ආපදා බෑගයක් සූදානම් කර තබා ගන්නා ලෙසට තායිවාන බලධාරින් එරට ජනතාවට දැනුම් දී ඇත.

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

වාහන හිමිකරුවන්ට සැප්තැම්බර් 19 වන දින දක්වා නව ගැසට් නිවේදනයකින් කල් දෙයි - හේතුව මෙන්න

වාහන හිමිකරුවන්ට සැප්තැම්බර් 19 වන දින දක්වා නව ගැසට් නිවේදනයකින් කල් දෙයි - හේතුව මෙන්න

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්