දකුණු කොරියාවේදී ලාංකික තරුණයන් දෙදෙනෙක් අවසන් හුස්ම හෙළයි - ඛේදනීය මරණයට හේතුව මෙන්න [PHOTO]
දකුණු කොරියාවේ දකුණු ග්යොන්ග්සැං පළාතේ ගෝසෝං හි පිහිටි ගොඩබිම පදනම් කරගත් මත්ස්‍ය ගොවිපළක ජල ටැංකියක් තුළ, ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු සේවකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඒ අනුව එරට පොලීසිය උපුටා දක්වමින් එහි මාධ්‍ය වාර්තාවල, ඊයේ රාත්‍රී 8:30 ට පමණ ගෝසෝං හි පිහිටි එම මත්ස්‍ය ගොවිපළේ විශාල ජලාශ ටැංකියක් තුළදී සිරුරු සොයාගත් බව වාර්තා වේ.
එසේම මියගිය අය අතර 50 ගණන්වල පසුවන ස්ථාන අධීක්ෂකවරයෙකු සහ 20 සහ 30 ගණන්වල පසුවන ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනෙකු ඇතුළත් බවත් සඳහන්.
මේ අතර අඳාළ ජල ටැංකිය මීටර හතරක් (අඩි 13ක්) පළලින්, මීටර තුනක් දිගින් සහ මීටර දෙකක් ගැඹුරින් යුක්ත බවද පවසයි.
රෑත් හොඳට පාඩම් කරලා ඇඳට ගියේ දෙයියනේ - විභාගය ලියන්න හිටපු උසස් පෙළ ශිෂ්‍යාවක් නිදි ඇඳේදිම ජීවිතක්ෂයට
එමෙන්ම සේවකයින් සොයාගන්නා විට එම ටැංකිය ජලයෙන් පිරී තිබූ බවද වාර්තා වේ. මෙම ටැංකිය, කුඩා මසුන් බෝ කරන ගොවිපළට ජලය සැපයීම සඳහා වූ ගබඩා ජලාශයක් වශයෙන් භාවිත කර ඇති අතර බෝ කිරීමේ ටැංකි වෙත පොම්ප කිරීමට පෙර ජලය විදුලි උපකරණ භාවිතයෙන් රත් කිරීම හෝ සිසිල් කිරීම සිදු කෙරෙන බව දැක්වේ.
තවද ටැංකියට පිවිසීමට එක් වැඩිහිටියෙකුට පමණක් යන්තම් යා හැකි තරම් විශාල විවරයකින් පහළට විහිදෙන ඉණිමඟක් ඇති බව සඳහන්.
කෙසේ වෙතත් පොලීසියට මුලින්ම දැනුම් දී ඇත්තේ රාත්‍රී 7:38 ට පමණ ස්ථාන අධීක්ෂකවරයාගේ පවුලේ අය විසින් බව අඳාළ වාර්තාවල දැක්වේ.
එහිදී ඔවුන් වාර්තා කර ඇත්තේ ඔහු සමඟ සම්බන්ධතා නැති වූ බවයි. අනතුරුව නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිරුරු සොයාගෙන ඇත.

ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනාගෙන් එක් අයෙකු රාජකාරියේ යෙදෙන ඇඳුම් ලෙස පෙනෙන ඇඳුමක් ඇඳ සිටි අතර, අනෙක් දෙදෙනා සාමාන්‍ය ඇඳුමින් සැරසී සිට ඇති බව වාර්තා වේ.
මේ අතර මරණයට නිශ්චිත හේතුව තීරණය කිරීමට පරීක්ෂණයේ කොටසක් වශයෙන් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, සේවකයින් එම අවස්ථාවේදී ටැංකිය පිරිසිදු කරමින් සිටියාද යන්න සම්බන්ධයෙන් පැහැදිලි නොමැති බවයි.