පාසල් සිසුන් දෙදනෙක් අතුරුදන් - මහවැලියට බැස්සද නැද්ද කියලත් සැකයක්
මහනුවර, තැන්නේකුඹුර පාලම ප්‍රදේශය ආසන්නයෙන් මහවැලි ගඟට බැස සිටි බව කියන පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
මෙසේ අතුරුදන්ව ඇත්තේ මහනුවර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබමින් සිටි තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි 09 වන වසරේ සහ 08 වන වසරේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි රවිචන්ද්‍රන් ජෙගදිස් සහ එම්.මිලාන් නම් සිසුන් දෙදෙනෙක් බව සඳහන්.
මෙසේ අතුරුදන්ව ඇති සිසුන් දෙදෙනා ඊයේ දින පස්වරුවේ සුරතල් මසුන් මිලදී ගැනීමට දිගන ප්‍රදේශයට යන බව පවසා නිවෙස්වලින් පිටව ගොස් ඇත.
ඒ අතර ඊයේ (08) දින පස්වරුවේ මෙම සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස ගල්තලාවක සිටි බව එම ප්‍රදේශයේ ධීවරයෙකු පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.
එම අවස්ථාවේදී ධීවරයා සිසුන් දෙදෙනාට ගඟට නොබසින ලෙසට අවවාද කළද ඔවුන් ධීවරයාට තමන්ට පිහිනීමට හැකි බව පවසා ඇති බව සඳහන්.
එහෙත් පසුව බලන විට වර්ෂාවත් සමඟ ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ බවත් සිසුන් දෙදෙනා එම ගල්තලාවේ නොසිටි නිසා ඔවුන් ගඟෙන් එගොඩ වන්නට ඇති බව තමන් සිතූ බවත් ධීවරයා පොලීසියට කියා තිබෙනවා.
මේ අතර තවත් කිහිපදෙනෙකු ද මෙම සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස සිටිනවා දුටු බව පොලීසියට ප්‍රකාශ කර ඇත.
එහෙත් අතුරුදන්ව සිටින ජෙගදීස් සිසුවාගේ මව විසින් තම පුතුට පිහිනීමට නොහැකි බවත් කිසිවිටෙකත් සිය පුතු මහවැලි ගඟට දිය නෑමට නොයන බවත් කියා ඇත.
කෙසේ වෙතත් අතුරුදන්ව සිටින සිසුන් දෙදෙනාගේ යහලුවෙකුගේ පියෙකු පොලීසියට සඳහන් කර ඇත්තේ, මෙම සිසුන් දෙදෙනා සිය පුතුටද මහවැලි ගඟේ දිය නෑමට ආරාධනා කර ඇති අතර ඔහු ඔවුන් සමඟ නොගිය බවයි.
මේ වන විට මහනුවර මූලස්ථාන පොලීසිය සහ බලගොල්ල පොලීසිය එක්ව අතුරුදන්ව සිටින සිසුන් සෙවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්ම කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම මහනුවර මූලස්ථාන පොලීසිය සඳහන් කළේ නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක්ද යොදවා මහවැලි ගඟේ සෙවීමේ කටයුතු සිදුකරන බවයි.