ගංවතුරට ගසාගෙන ගොස් පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්.

Report

ගංවතුරට ගසාගෙන ගොස් තවලම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් තවලම ප්‍රදේශයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගංවතුර අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

මේ අතර දුම්බර, අයගම ප්‍රදේශයේ පස් බැම්මක් කඩා වැටීමෙන් එක් අයෙකු මිය ගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් සඳහන් කරනවා.

මෙලෙස අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් වූවන්ට සහන සැලසීමට අවශ්‍යතා මත පදනම්ව මූල්‍ය ආධාර ලබා දෙන බව ද මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා. 

මහා ගංවතුර තත්ත්වයක් ගැන රතු නිවේදනයක්. - ගුවන් හමුදාවත් වැඩ පටන් ගනී.

මහා ගංවතුර තත්ත්වයක් ගැන රතු නිවේදනයක්. - ගුවන් හමුදාවත් වැඩ පටන් ගනී.