මහා ගංවතුර තත්ත්වයක් ගැන රතු නිවේදනයක්. - ගුවන් හමුදාවත් වැඩ පටන් ගනී.

Sri Lanka Air Force Landslide In Sri Lanka Weather Floods In Sri Lanka Irrigation Department
By Wayomi Jun 02, 2024 06:51 AM GMT
Wayomi

Wayomi

Report

අද පෙරවරු 9 වනවිට මහා ගංවතුර තත්ත්වයකට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණියෙහි මිල්ලකන්ද ප්‍රදේශයට මිලිමීටර් 149.8ක වර්ෂාවක් ලැබීමත් සමඟයි.

මේ අනුව කළු ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල - කළුතර මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් සහ නිවාස 300ක් පමණ ජලයෙන් යටවී ඇත.

එමෙන්ම නිල්වලා ගඟෙහි සියලු ජලමාපක ද සාමාන්‍ය ජල මට්ටම ඉක්මවා ගොස් ඇති අතර එහි පිටබැද්දර ප්‍රදේශය මහා ගංවතුර මට්ටමකට පත්ව තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ ද නගර හා ගම් රැසක් යට වී ගමනාගමන කටයුතු ද අඩාල වී ඇති අතර විශේෂයෙන්ම අකුරැස්ස,පිටබැද්දර,දෙයියන්දර,මාකදුර,කඹුරුපිටිය,පලොල්පිටිය,කිරින්ද ,යටියන ආදී ප්‍රදේශ වල ගංවතුර තත්වය හට ගෙන ඇත.

මේ අතර රත්නපුර ප්‍රදේශයට පවතින අධික වර්ෂාපතනයත් සමඟ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබෙනවා.

රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගය ගැටහැත්ත පාලම අසලින් යටව ඇති අතර අයගම කලවාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් නාය යෑමකට ද ලක්ව ඇත.

මෙහිදී ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් සහ බෙල් 412 හෙලිකොප්ටර් යානයක් යෙදවීමට සූදානම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.


Gallery