පක්ෂ දෙකක ලොක්කො දෙන්නෙක් මහින්ද හමුවේ,පැය 2ක කතාවක්

Report

පසුගිය දා (24) දේශපාලන පක්ෂ දෙකක හිටපු ඔහු ලේකම්වරු දෙදෙනෙක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පොදු ජන එක්සත් පෙරමුණේ වර්තමාන නායක අනුර ප්‍රියදර්ශන යාපා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත යන පුද්ගලයන් මෙලෙස මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇත.

එහිදී පැය දෙකකට ආසන්න සාකච්ඡාවක් සිදු කර තිබෙන අතර පස්වරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී මෙම සාකච්ඡාව සිදුකර තිබෙන බවට වාර්තා වේ.

මෙහිදී සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර යාපා හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ විපක්ෂයේ වෙන්වී සිටින කොටස් එකතු කරගෙන පුළුල් සන්ධානයක් ගොඩනැගී ඉදිරියට කටයුතු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවයි.

හිටපු ඇමැති මනුෂ අත්අඩංගුවට කලින්ම අපේක්ෂිත ඇප අයදුම් කරයි

හිටපු ඇමැති මනුෂ අත්අඩංගුවට කලින්ම අපේක්ෂිත ඇප අයදුම් කරයි

වෙන්වී සිටින විපක්ෂයක් වෙනුවට විපක්ෂය එක්සත් විය යුතු බවත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේද කැඩී ගිය කොටස් එක්කොට ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම සඳහා සහාය ලබා දෙන්න ලෙසටත් ඒ සඳහා මඟ පෙන්වීමක් ලබාදෙන ලෙසටත් ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ තිබෙන විශාල අත්දැකීම් එක් කරන ලෙසටත් මෙම දෙදෙනාම ඉල්ලා තිබෙනවා.

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

රට වෙනුවෙන් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම කඩිනමින් කළ යුතු බවද මෙම දේශපාලඥයින් දෙදෙනා මෙහිදී හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කොට ඇත්තේ එය හොඳ යෝජනාවක් බවත් තමන් ඒ සඳහා ඕනෑම අවස්ථාවක සූදානම් බවයි. ඒ සඳහා තමන් නිරන්තරයෙන්ම අවධානයෙන් සිටින බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කොට තිබෙනවා.

රට යන්න ට්‍රයි කරද්දි ඔයාටත් මෙහෙම වුණාද?වීසා එක අතට ආවත් විශ්වාස කරන්න එපා මෙන්න විස්තරේ

රට යන්න ට්‍රයි කරද්දි ඔයාටත් මෙහෙම වුණාද?වීසා එක අතට ආවත් විශ්වාස කරන්න එපා මෙන්න විස්තරේ