සියලු පාසල්වලට විශේෂ චක්‍රලේඛයක් – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හදිසි නියෝගක්

Report

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසන්නේ, අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

පැවති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් නිවැරදි කරමින්, වඩාත් පිළිවෙලකට සහ යුක්තිසහගතව සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට මෙම නව චක්‍රලේඛය මඟින් ප්‍රතිපාදන සැලසෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ඒ අනුව, සුදුසුම සිසුන් පාසල්වලට ඇතුළු කර ගැනීමට හැකිවන ආකාරයට මෙම චක්‍රලේඛය සකස් කර ඇති බව ඔහු පැවසීය.

“නීතිවිරෝධී සහ ආයථා ක්‍රම මඟින් සිසුන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයට මෙම චක්‍රලේඛය තුළින් තිත තබනවා,” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

අද ලග්න පලාපල – 2025 ජූනි 28 | ලග්නයෙන් හෙළිවෙන ඔබේ වාසියන් සහ අවාසියන් - අදම බලන්න

අද ලග්න පලාපල – 2025 ජූනි 28 | ලග්නයෙන් හෙළිවෙන ඔබේ වාසියන් සහ අවාසියන් - අදම බලන්න

මෙමඟින් පාසල් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව සහ යුක්තිසහගතව සිදුවනු ඇතැයි බලාපොරොත්තු වේ.

මේ අතර, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වූ සංශෝධිත චක්‍රලේඛය ද ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

මෙම චක්‍රලේඛ මඟින් පාසල් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, එහිදී ඇතිවන අකටයුතුකම් වළක්වා ගැනීමටත් අපේක්ෂා කරන බව ඔහු පැවසීය.