ළඟදිම එකඟතාවයකට එන්න බැරි වුණොත් ඉරානය..සම්පූර්ණයෙන්ම විනාශ කරලා අපි යුද්ධේ අවසන් කරනවා - ට්‍රම්ප්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය, අමෙරිකාව සමඟ එකඟතාවයකට පැමිණ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට පියවර නොගතහොත්, එරට විදුලි බලාගාර සහ තෙල් නිඳි පුපුරුවා හැර සම්පූර්ණයෙන්ම විනාශ කරන බව සඳහන් කරයි.
ඒ අනුව ඔහු සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
"ඉරානය තුළ අපගේ හමුදා ක්‍රියාන්විතයන් අවසන් කිරීම සඳහා වඩාත් සාධාරණ නව පාලන තන්ත්‍රයක් සමඟ එක්සත් ජනපදය දැඩි සාකච්ඡාවල නිරතව සිටිනවා. ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් ලබා තිබුණත්, කිසියම් හේතුවක් මත නුදුරේදීම එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ව්‍යාපාර කටයුතු සඳහා වහාම විවෘත නොකළහොත්, අප මෙතෙක් අත නොතැබූ ඉරානයේ සියලුම විදුලි උත්පාදන මධ්‍යස්ථාන, තෙල් ළිං සහ කාර්ග් දූපත, සියලුම ලවණ ඉවත් කිරීමේ බලාගාර පවා පුපුරුවා හැර සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙන් පසු අපි යුද්ධය අවසන් කරනවා."
මේ අතර ඊයේ රාත්‍රියේ 'Financial Times' පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ තෙල් සම්පත අත්පත් කර ගැනීමේ හැකියාව පිළිබඳව ද අදහස් දක්වා ඇති බව සඳහන්.
ඒ අනුව ඉරානයේ ප්‍රධාන ඉන්ධන අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපත අත්පත් කර ගන්නේද යන්න පිළිබඳව සලකා බලමින් සිටින ඔහු, එහිදී කියා ඇත්තේ තම අරමුණ වන්නේ තෙල් ලබා ගැනීම බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශයන් සමඟ අද (30) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 116 සීමාව ඉක්මවා ගොස් තිබුණා.