ලබන බදාදා ලෝකෙටම තීරණාත්මක වෙයි - අළු යට සැඟවුණු යුද ගිනි පුපුරු නැවත දැල්වෙන බවට ලොවටම රතු එළි
By Kaushi
ලබන බදාදා වන විට සාකච්ඡා මඟින් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ නොකිරීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ යළිත් වරක් යුදමය ක්‍රියාමාර්ග ආරම්භ වීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම දෙපාර්ශවය අතර දෙවන වටයේ සාකච්ඡා ලබන සඳුදා පැවැත්වීමට නියමිත බව ඉරාන ආරංචි මාර්ග සඳහන් කරයි.