ලෝකෙම ගිනි අරන් ඉද්දි උණුසුම මැද ට්‍රම්ප් හා නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් - හේතුව මෙන්න

Report

ලෙබනනය වෙත එල්ල කරන හමුදා ප්‍රහාර සීමා කරන මෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව දෙදෙනා අතර පැවති දුරකථන සංවාදයකදී ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන් වේ.

අඳාළ ඉල්ලීමේ ප්‍රධාන අරමුණ, ඉරානය සමඟ ආරම්භ වී ඇති තීරණාත්මක සාම සාකච්ඡා බාධාවකින් තොරව පවත්වාගෙන යාම බව පවසයි.

එමෙන්ම අමෙරිකානු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ, ඉරානය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් අවදානමට ලක්වීම වැළැක්වීමට හමුදා ක්‍රියාමාර්ග අවම කරන මෙන් මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයා අගමැති නෙතන්යාහුගෙන් ඉල්ලා සිටි බව‍යි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ලබන ඉරිදා වැඩ වරදින ලකුණු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ලබන ඉරිදා වැඩ වරදින ලකුණු

එසේම ලෙබනනය දැනට පවතින සටන් විරාම රාමුවට ඇතුළත් නොවන බව දෙපාර්ශ්වයම පිළිගෙන ඇතත්, ඊශ්‍රායලය අමෙරිකාවේ සාම වැඩපිළිවෙළට "සහාය දක්වන හවුල්කරුවෙකු වීමට" එකඟ වී ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් ඊශ්‍රායල ප්‍රහාර දිගින් දිගටම ලෙබනනයට එල්ලකළ හොත් ඉරානය සටන් විරාමයෙන් ඉවත්වන බවත්, ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවටත් අනතුරු අඟවා තිබෙනවා.

ඉරානයට තවත් විශාල අහිමි වීමක් - ප්‍රහාරයකින් තුවාල ලැබූ ප්‍රබලයෙක් ජීවිතක්ෂයට

ඉරානයට තවත් විශාල අහිමි වීමක් - ප්‍රහාරයකින් තුවාල ලැබූ ප්‍රබලයෙක් ජීවිතක්ෂයට

මුළු ලෝකෙම සාමය බලන් ඉද්දි ට්‍රම්ගෙන් විශේෂ දැනුම්දීමක් - සියලුම මාරාන්තික දේ සන්නද්ධව තබා ගන්නැයි උපදෙස්

මුළු ලෝකෙම සාමය බලන් ඉද්දි ට්‍රම්ගෙන් විශේෂ දැනුම්දීමක් - සියලුම මාරාන්තික දේ සන්නද්ධව තබා ගන්නැයි උපදෙස්