හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේ ගාස්තු අමෙරිකාවට අය කළ හැකියි: ට්‍රම්ප්

Report

ඉරාන යුද්ධයෙන් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ගාස්තුවක් අය කිරීමට එක්සත් ජනපදය අපේක්ෂා කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මෙය ක්‍රියාත්මක කිරීමට නම් උපායමාර්ගිකව වැදගත් මෙම සමුද්‍ර සන්ධිය කෙරෙහි සෘජු අමෙරිකානු හමුදා පාලනයක් අවශ්‍ය වනු ඇති බව සඳහන්.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලින් ගාස්තු අය කිරීමට ඉරානයට ඉඩ දෙන ගිවිසුමක් ඔහු පිළිගන්නේදැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ, "අපි ගාස්තු අය කළොත් මොකද? ඔවුන්ට එය ලබා දෙනවාට වඩා මම එයට කැමතියි. ඇයි අපිට බැරි? අපි තමයි ජයග්‍රාහකයා.

ඉරානය විනාසයි? අද රෑ 8න් පස්සේ ඉරානයට අත්වන ඉරණම ගැන ට්‍රම්ප් කියපු දෙයින් මුළු ලොවම බියෙන්

ඉරානය විනාසයි? අද රෑ 8න් පස්සේ ඉරානයට අත්වන ඉරණම ගැන ට්‍රම්ප් කියපු දෙයින් මුළු ලොවම බියෙන්

අපි දිනුවා." යනුවෙන්. යුද්ධයේ මුල් දිනවල සිටම තමන් පවසන කරුණක් වන ඉරානය යුධමය වශයෙන් පරාජය වී ඇති බව ට්‍රම්ප් මෙහිදී නැවතත් අවධාරණය කර තිබෙනවා. ගල්ෆ් කලාපය ඉන්දියන් සාගරයට සම්බන්ධ කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වැඩි වශයෙන් පිහිටා ඇත්තේ ඕමානයට සහ ඉරානයට අයත් මුහුදු සීමාවන් තුළයි. යුද්ධයට පෙර ලොව තෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) සැපයුමෙන් සියයට 20ක් පමණ ගමන් කළේ මෙම සමුද්‍ර සන්ධිය හරහායි.

ට්‍රම්ප්ගේ මෙම නවතම ප්‍රකාශය පැමිණියේ ඔහු ටෙහෙරානය වෙත "අවසන්" අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති පසුබිමකයි. ඒ අනුව සමුද්‍ර සන්ධිය යළි විවෘත කර වොෂින්ටනයේ කොන්දේසිවලට එකඟ විය යුතු බවත්, එසේ නොමැති නම් පාලම් සහ විදුලි බලාගාර ඇතුළු ඉරානයේ සිවිල් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවත්, ඔහු පැවසුවා.

සඳුදා මාධ්‍යවේදීන් අමතමින් ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ඉරානය සමග ඇති කරගන්නා ඕනෑම ගිවිසුමකට හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළත් විය යුතු බවයි. කෙසේ වෙතත්, ඉරාන කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පසුගිය මාසයේ X හි සටහනක් තබමින් කියා සිටියේ, "හෝමුස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය යුද්ධයට පෙර පැවති තත්ත්වයට පත් නොවනු ඇති" බවයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ද යුද්ධයෙන් පසු ජල මාර්ගය කළමනාකරණය කිරීම සඳහා "නව විධිවිධාන" ඉල්ලා ඇති අතර, එමගින් නැව්වලට ආරක්ෂිත ගමනාගමනය සහ ඉරානයේ අවශ්‍යතා ආරක්ෂා කිරීම තහවුරු කළ යුතු බව පවසනවා.

සුබ අංකය, සුබ වර්ණය, සුබ වෙලාවන් සමඟ ලග්නයට අනුව අද දවස ඔබට සුබ වෙන හැටි දැනගන්න

සුබ අංකය, සුබ වර්ණය, සුබ වෙලාවන් සමඟ ලග්නයට අනුව අද දවස ඔබට සුබ වෙන හැටි දැනගන්න