මැදපෙරදිග කළඹමින් මහා විනාශයක පෙර ලකුණු - ට්‍රම්ප් සාම සාකච්ඡා කරන ගමන්ම කරන්න හදන දේ
මැදපෙරදිග කලාපයට තවත් අමතර 10,000ක පමණ ගොඩබිම් භට පිරිසක් යැවීමට පෙන්ටගනය සලකා බලමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Joual) පුවත්පත වාර්තා කර ඇති බව සඳහන්.
ඒ අනුව ටෙහෙරානය සමග සාම සාකච්ඡා පැවැත්වීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව තිබෙන මොහොතක පවා ඔහුට තවත් හමුදාමය විකල්ප ලබා දීම වෙනුවෙන් මෙසේ සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ විභව යෙදවීම්වලට පාබල හා සන්නද්ධ වාහන ඇතුළත් විය හැකි අතර, මැරීන් භටයින් සහ නාවිකයින් 5,000 ක් සහ හමුදාවේ 82 වන ගුවන් අංශයේ සාමාජිකයින් 2,000 ක් පමණ දැනටමත් කලාපයට යවා ඇති බවයි.
එමෙන්ම ඊට අමතරව ඔවුන් ද ඇතුළත් වනු ඇති බවයි. මේ අතර ධවල මන්දිර ප්‍රකාශිකා ඇනා කෙලී මාධ්‍යයට සඳහන් කර ඇත්තේ, "හමුදා යෙදවීම් පිළිබඳ සියලු නිවේදන යුද දෙපාර්තමේන්තුවෙන් ලැබෙනු ඇත," යනුවෙන්.