ඉරානය කිසිම දවසක සාම ගිවිසුමකට එන් නැති වෙයිද? ලෝකෙම බලාපොරොත්තුත් එක්ක ට්‍රම්ප්ගේ විශ්වාසයත් බිඳ වැටෙයි
By Kaushi
යුද්ධය අවසන් කිරීමට ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සාම ගිවිසුමක් වෙත ළඟාවීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් පෙන්වා ඇතත් ඔවුන් කිසිදා එම ඉලක්කය වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා කියා ඇති බවයි.
කෙසේ වෙතත් ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරාන පාලනය විසින් පාකිස්තානය හරහා නව යොජනාවලියක් අමෙරිකාවට යොමු කළ බවයි.
එහෙත් අඳාළ යෝජනා පිළිබඳ කිසිවක් වාර්තා වී නොමැති බවත් සඳහන්.
එමෙන්ම පාකිස්තානයේදී පැවැත්වීමට යෝජිත සෘජු සාකච්ඡා වාරයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ, තමන් පාකිස්තානයට සහ එහි නායකයින්ට දැඩි ගෞරවයක් දක්වන බවයි.