චීනය ඇමරිකාවට විරුද්ධව කුමන්ත්‍රණය කරන බව ට්‍රම්ප් චෝදනා කරයි
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරන්නේ චීනයේ 80 වන විජයග්‍රාහී සැමරුමට සහභාගී වූ චීන ජනපති, ෂී ජිංපින් එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණයක් සිදුකරන බවයි.
එහිදී විජයග්‍රාහී සැමරුම අවස්ථාවේදී ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ මෙසේ සටහනක් එක් කරයි.
"ජනාධිපති ෂී ජිංපින්ට සහ චීනයේ ජනතාවට ශ්‍රේෂ්ඨ හා කල් පවතින සැමරුම් දිනයක් වේවා. ඔබ අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කරන බැවින් කරුණාකර ව්ලැඩිමීර් පුටින්ට සහ කිම් ජොන් උන්ට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන්න."
අද (03) චීනයේ දී දෙවන ලෝක යුද්ධයේදී ජපානය චීනයට යටත් වීමේ 80 වන සංවත්සරය සනිටුහන් කළ හමුදා පෙළපාළි පැවැත්වේ.
චීන ජනාධිපති ෂී ජිංපින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම යුද සැමරුමට සහාභාගී වීම විශේෂයි.
