හෙට විතර ද?. නැත්නම් හැමදාටම ද?. විශ්‍රාමිකයන් ගැන ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

Report

හෙට (10) දිනයේ විශ්‍රාමික දුම්රිය රියැදුරන් සේවයට කැඳවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

හෙට විතර ද?. නැත්නම් හැමදාටම ද?. විශ්‍රාමිකයන් ගැන ගත්ත විශේෂ තීරණයක් මෙන්න.. | Train Drivers Strike In Sri Lanka

ඒ දුම්රිය රියැදුරු වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා ය.

එම වර්ජනය හේතුවෙන් අදත් දුම්රිය ගමන්වාර 50කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය.

මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත් විය.

රට රැකියා ගැන රජය විශේෂ තීරණයකට යයි - මොකක් වෙයි ද?.

රට රැකියා ගැන රජය විශේෂ තීරණයකට යයි - මොකක් වෙයි ද?.


මේ අතර, වර්ජනයේ නිරත වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා විය.

පසුගිය 6 වැනිදා සිට දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය විසින් උසස්වීම් ලබා නොදීම, නව බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනයේ නිරත විය.

ඒ අනුව මෙම වර්ජනයට දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියැදුරන් 80 දෙනෙකු එක්ව සිටියි.

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.


ඒ හේතුවෙන් අද දුම්රිය ගමන්වාර 50 කට අධික සංඛ්‍යාවක් අවලංගු වී ඇති අතර මෙම පසුබිම හමුවේ දුම්රිය මගීන් අදත් අපහසුතාවට පත් වූවේ ය.

කෙසේ වෙතත්, ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය සඳහන් කළේ තම ගැටලුවලට මෙතෙක් විසඳුමක් නොලැබුණු හෙයින් හෙට දිනයේත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව විශ්‍රාමික දුම්රිය රියැදුරන් යොදා ගනිමින් හෙට දිනයේ දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.