රට රැකියා ගැන රජය විශේෂ තීරණයකට යයි - මොකක් වෙයි ද?.

Report

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රට රැකියා ගැන රජය විශේෂ තීරණයකට යයි - මොකක් වෙයි ද?. | Overseas Job Opportunities

ඒ රජය වෙත ලැබෙන විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව එහි පළමු කණ්ඩායම මෙම මස අවසානයේ ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.

ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..

ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..


ඒ මහතා මේ බව සඳහන් කළේ, විශ්‍රාමික හා වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන් වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේ දී ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයා බැලීම සඳහා මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී සංවිධානය කර තිබූ වැඩසහනකට එක්වෙමින් ය.

එමෙන්ම, ආරක්‍ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබාගැනීමේ දී රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔහු පැවසීය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේම ලැබෙන දෙය.. අනිත් රාජ්‍ය සේවකයින්ට?.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේම ලැබෙන දෙය.. අනිත් රාජ්‍ය සේවකයින්ට?.


රජය විසින් දැනට ක්‍රියාත්මක කරන ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ 'උරුමය' වැඩසටහන යටතේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රමුඛත්වය ලබාදීමට මෙන්ම රුපියල් 100ක විශේෂ නාමමාත්‍රික බද්දකට පමණක් යටත්ව දැනට භුක්ති විඳින ඉඩම්වල අයිතිය සඳහා බලපත්‍ර නිකුත්කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ සේවයේ නියුතු මෙන්ම විශ්‍රාමික හමුදා සාමාජිකයන් වෙනුවෙන් සහනදායී පොලී අනුපාතිකයක් යටතේ විශේෂ ණය පහසුකම් ලබාදීමට යෝජනා වී ඇති බවයි.