කෝච්චියේ හයියෙන් ෆෝන් එකෙන් කතා කරනවාද? අලුත්ම නීතිය මෙන්න
By R.rishma
ඉන්දියාවේ චෙන්නායි මෙට්‍රෝ දුම්රිය පරිපාලනය නිවේදනය කර ඇත්තේ, දුම්රිය ගමන් අතරතුර ජංගම දුරකථනවලින් ශබ්ද නඟා කතා කරන මගීන්ට රුපියල් 500ක දඩයක් අය කිරීමට තීරණය කර ඇති බවයි.
මගීන්ට සාමකාමී සහ පහසු ගමන් අත්දැකීමක් ලබාදීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ බවද වාර්තා වේ.
2002 මෙට්‍රෝ දුම්රිය මෙහෙයුම් පනත යටතේ සෙසු මගීන්ට බාධා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකන බවද සඳහන් කර ඇත.
ඒ අනුව දුරකථනයෙන් ශබ්ද නඟා කතා කිරීම, ස්පීකර් මෝඩ් භාවිතා කිරීම, හෙඩ්ෆෝන් නොමැතිව වීඩියෝ නැරඹීම හෝ ගීත අසාගැනීම වැනි ක්‍රියාකාරකම් තහනම් කර ඇත.
මෙම නීති උල්ලංඝනය කරන මගීන්ට රුපියල් 500ක දඩයක් නියම කරනු ලබන අතර, අවශ්‍ය නම් මෙට්‍රෝ පරිශ්‍රයෙන් නෙරපා හැරීමද සිදුකළ හැකි බව චෙන්නායි මෙට්‍රෝ පාලනාධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙයි.