මහරගම මහා ගින්න පිටුපස ඇති බියකරු ඇත්ත එළියට

Report

මහරගම ප්‍රදේශයේ දෙමහල් නිවසක ඊයේ (18) පස්වරුවේ ඇතිවූ ගින්න, එම නිවසේ හිමිකරු විසින්ම සිදුකර ඇති බවට මුල් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මෙම ගින්න මහරගම, පමුණුව පාරේ එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමඟ අංක 17/2 දරන නිවසේ ඉහළ මහලේ හටගෙන තිබුණි.

ගින්න දුටු ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයකින් එය නිවා දැමීමට කටයුතු කර ඇත.

සිද්ධියෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර, ඔවුන් අතර නිවසේ හිමිකරු සහ කුලී පදනමට පදිංචිව සිටි පවුලේ ගෘහ මූලිකයාද ඇතුළත් වේ.

කුඩු සල්ලි වලට බිරිඳව විකුණූ තිරිසන් සැමියා - තිදරු මවක් මහනුවර වැවට පැන දිවි නසාගන්න හදද්දී හෙළි වූ බියකරු ඇත්ත

කුඩු සල්ලි වලට බිරිඳව විකුණූ තිරිසන් සැමියා - තිදරු මවක් මහනුවර වැවට පැන දිවි නසාගන්න හදද්දී හෙළි වූ බියකරු ඇත්ත

එමෙන්ම, පසුව සිදුකළ සෝදිසියකදී කාමරයක් තුළ මියගොස් සිටියදී 55 හැවිරිදි රන්තකාන්ති වික්‍රමආරච්චි සහ ඇගේ 16 හැවිරිදි දියණිය වන තත්සරණි රත්නායකගේ සිරුරු සොයාගෙන තිබේ.

රෝහල්ගත කර සිටි 76 හැවිරිදි නිවසේ හිමිකරුද අද (19) පෙරවරුවේ මියගොස් ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

2026 ඉන්දීය රූ රැජිණ කිරුළ සාධ්වී සතිෂ් සේල්ට

2026 ඉන්දීය රූ රැජිණ කිරුළ සාධ්වී සතිෂ් සේල්ට