පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
මීගමුව - කොළඹ ප්රධාන මාර්ගයේ කොටුගොඩ ප්රදේශයේදී මිනුවන්ගොඩ දෙස සිට ජාඇළ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ පෙරළී ගොස් සිදුවු අනතුරකින් එක් පුද්ගලයෙක් මරණයට පත්ව ඇත.
තවද ඊයේ (12) සවස්වරුවේ සිදු වූ මෙම අනතුරෙන් ලොරියට යට වී යතුරුපැදිය පැදවූ පොලිස් නිලධාරියා එම ස්ථානයේම මියගොස් තිබේ .
එම නිලධාරියා 26 හැවිරිදි කොටදෙණියාව ප්රදේශයේ පදිංචි දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කළ අයෙකි.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකරු ජාඇළ රෝහලට ඇතුළත් කර ඇත ඔහුගේ මෘත ශරීරය ජාඇළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
තවද අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම අනතුර සම්බන්ධව ජාඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.