රාජ්‍ය ආයතනවල වැඩකරන්න ත්‍රිවිධ හමුදාව? වැඩ වර්ජන කරන බවට රතු එළියක්

Report

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරන්නේ සෞඛ්‍ය සේවාව සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීම ගැන ආණ්ඩුවේ ඇතැම් පිරිස් සඳහන් කරමින් තිබෙන බවත් එවැනි ක්‍රියාවක් සිදුවුවහොත් එයට එරෙහිව සෞඛ්‍ය සේවාව තුළ වැඩ වර්ජන ක්‍රියා මාර්ග ආරම්භ කරන බවත්ය.

එම සන්ධානයේ සාමාජික ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පවසන්නේ දුම්රිය රියැදුරන් ලෙස හමුදා නිලධාරීන් පිරිසකට පුහුණුව ලබාදීමට සැලසුම් කිරීමත් සමඟ එයට දුම්රිය රියැදුරන් විරෝධය දැක්වූ බවත් ඉන් පසුව ආණ්ඩුව එම තීරණය අවලංගු කර ගත් බවත්ය.

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අදාළ තීරණය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළහොත් දුම්රිය සේවාවේ වෘත්තීය සමිති සමඟ අනෙකුත් රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති ඒකාබද්ධ කර ගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කරන බවත් දුම්රිය සේවයට අමතරව සෞඛ්‍ය සේවාවටත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොමු කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත්ය.

ධම්මික මුණසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ යම් යම් ඉල්ලීම් මුල් කර ගනීමින් රාජ්‍ය සේවකයන් වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන විට එය මර්දනය කිරීම සඳහා මීට පෙර පැවැති ආණ්ඩු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදා ගැනීමට උත්සාහ කළ බවත් එම අවස්ථාවේදී වර්තමාන ආණ්ඩු නියෝජනය කරන වෘත්තීය සමිති පවා එයට එරෙහිව කටයුතු කර තිබෙන බවත්ය.

බිත්තර සහ කුකුල් මස් මිලේ වෙනසක් - ජනතාව අපහසුතාවයට

බිත්තර සහ කුකුල් මස් මිලේ වෙනසක් - ජනතාව අපහසුතාවයට

සෞඛ්‍ය සේවාව ගතහොත් ඊට අදාළව උපාධිය සම්පූර්ණ කළ දහසකට වැඩි පිරිසක් රැකියා විරහිතව සිටින බවත් රාජ්‍ය සේවකයන්ගේ ඡන්දයෙන් බලයට පත් වූ ආණ්ඩුව පසුගිය ආණ්ඩු කළ ආකාරයටම රාජ්‍ය සේවකයන් මර්දනය කිරීමට උත්සාහ කරමින් තිබෙන බවත් ඔහු රජයට චෝදනා කළේය.

අවසාන වශයෙන් ඔහු පවසා ඇත්තේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය සේවාව තුළ ඇති වී තිබුණත් රැකියා විරහිතව සිටින සෞඛ්‍ය සේවාවලට අදාළව උපාධිය ලබාගත් පිරිස් බඳවා ගැනීමට කිසිදු උනන්දුවක් ආණ්ඩුවට නොමැති බවත් මේ නිසා මුලින් සිදු කළ යුතු වන්නේ රැකියා විරහිතව සිටින පිරිස් බඳවා ගැනිම බවත්ය.

මේ ආකාරයට රාජ්‍ය ආයතනවල කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදා ගැනීමට උත්සාහ කළහොත් රාජ්‍ය සේවාව තුළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියා මාර්ග වීම වළක්වා ගැනීමට නොහැකි වන බවත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සාමාජික ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසුවේය.

මාධ්‍ය හැඳුනුම්පත් නව රෙගුලාසි අනුව පමණයි

මාධ්‍ය හැඳුනුම්පත් නව රෙගුලාසි අනුව පමණයි

වැලිකඩට දැම්මට වැලිකඩ ඉඩමත් අයිති රනිල්ගේ පවුලට - රනිල් කියන්නෙ ලේසි බඩුවක් නෙමෙයි - හිරේට දැම්මොත් සාපේ වදිනවා

වැලිකඩට දැම්මට වැලිකඩ ඉඩමත් අයිති රනිල්ගේ පවුලට - රනිල් කියන්නෙ ලේසි බඩුවක් නෙමෙයි - හිරේට දැම්මොත් සාපේ වදිනවා

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර