සියලුම පාරිභෝගිකයන්ට දැනුම්දීමක් - පොලිතීන්, ප්ලාස්ටික්, වතුර බෝතල් සහ මේ හෙල්මට් සම්බන්ධයෙනුත් නව නීති රැසක්
දේශීය හා විදේශීය වෙළඳාම, වාණිජ කටයුතු, පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාම සඳහා වෙළඳ අමාත්‍යංශය නව වැඩපිළිවෙළ රැසක්ම ආරම්භ කර ඇත.
මෙම කටයුතු වෙළඳපොල මිල පාලනය සහ පාරිභෝගික අයිතීන් ආරක්ෂා කරමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
එබැවින් පොලිතින් භාවිතය තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබූ නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ අනුව වසරකම පමණ කාලයක් තුළ පොලිතින් භාවිතය සියයට පනහකින් අවම කිරීමට හැකිවී ඇති අතර එය තවදුරටත් සක්‍රීය කිරීම අපේක්ෂාව වේ.
එසේම ප්‍රමිතියෙන් යුතු හෙල්මට් භාවිතය තහවුරු කිරීමට දිවයින පුරා ස්ථාන 98කදී වැටලීම් සිදුකර ඇත.
ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය මඟින් නඩු 53ක් පවරා නඩු 39ක් අවසන් කර ඇති බව වාර්තා වේ.
මේ අතර දරුවන්ගේ මොළයට බලපෑම් කරන රසායනික සහිත ප්ලාස්ටික් ඇසුරුම් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
එසේම ළදරු කිරි බෝතල් , කෑම භාජන සහ වතුර බෝතල් නිෂ්පාදනයේ දී නිසි ප්‍රමිතිය අනුගමනය කිරීම තහවුරු කර ඇති අතර පළතුරු ඉදවීම සඳහා විස රසායනික භාවිතය තහනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වෙළද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.