මුළු ලංකාවටම අසුබ ආරංචියක් - හේතුව මෙන්න
2026 ජනවාරි මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 378.3ක් දක්වා සියයට 5.6 කින් පහත වැටී ඇති බවට වාර්තා වේ. ඒ අනුව ගිය වසරේ (2025) සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 400.7 ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සදහන් වේ.
මෙසේ 2026 ජනවාරි මාසයේ සංචාරක ඉපයුම් අඩු වුවත් එම මාසයේ සංචාරක පැමිණීම් සියයට 9.7 කින් වර්ධනය වී තිබීම විශේෂයි.
මේ අනුව ගිය වසරේ (2025) ජනවාරි මාසයේ පැමිණි 252 761 ක් වූ විදෙස් සංචාරකයින් ප්‍රමාණය , මේ වසරේ (2026) ජනවාරි මාසයේ දී 277327 ක් දක්වා වර්ධනය වී ඇත.