කෑම්ප් එකේ හිටපු පුහුණු නිලධාරියකු ගේ හිසට ටි 56 ගිනි අවියකින් වෙඩි
අඟුරුවාතොට පොලිසිය පවසන පරිදි අඟුරුවාතොට දොඹගොඩ යුදෝපකරණ බලකා රෙජෙමේන්තුවේ පුහුණු නිලධාරියකු ගේ හිසට ටි 56 ගිනි අවියකින් වෙඩි වැදි මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ අම්පාර ප්රදේශයේ පදිංචිව සිටි සැරයන් සුරේෂ් කැලුම් නැමැති 35 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු වැටී සිටි ස්ථානය අසල ටී 56 ගිණි අවියද තිබී ඇති බව සඳහන්.
පුහුණු පාසලේ ආයුධාගාරය අසල ව්වේකාගාරයේ සිටි සෙබලෙකුට අයත් ගිනි අවියෙන් මෙලෙස එම වෙඩිවැදීම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පුහුණු නිලධාරී සැරයන් වරයාගේ සිරුර විවේකාගාරයේ මුනින් අතට වැටී තිබී ඇති අතර හිසෙන් විශාල ලේ දහරාවක් ගලා ගොස් තිබූ බවත් පොලිසිය පවසයි. සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මක වේ.