T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද වාසනාව..
By Piyumika
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවැත්වෙන 09වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට උගන්ඩා කණ්ඩායම සමත් විය.
එම තරගය පැපුවා නිව් ගීනියා කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් උගන්ඩාව තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 05.00ට ආරම්භ වන අතර, එම තරගය Providence Stadium, Guyana හිදී පැවැත්වීමට නියමිතය.
එමෙන්ම T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06) දිනම පැවැත්වෙන 10 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕමාන කණ්ඩායම සමත් විය.
එම තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනාගත් ඕමානය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වන අතර, එම තරගය කොදෙව් දේශයේ Bridgetown හිදී පැවැත්වීමට නියමිතය.