මාස අටක වැටුප් එක්ක අද අමෙරිකාවේ රාජ්‍ය සේවකයෝ ලක්ෂයක් ඉල්ලා අස්වෙලා

Report

අමෙරිකාව තුළ සේවය කරමින් සිටි සිවිල් රාජ්‍ය සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් අද දින සේවයෙන් නිල ලෙස ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙය දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව වසරක් තුළ සිවිල් ෆෙඩරල් සේවයේ විශාලතම එකවර සේවක අඩුවීම බවට එරට මාධ්‍ය වාර්තා දක්වයි.

අමෙරිකාව තුළ සිවිල් ෆෙඩරල් ශ්‍රම බලකාය තුළ රජයට සේවය කරන මිලියන 3 ක් පමණ පුද්ගලයින් සිටින බව සඳහන්. මෙම ඉවත් වීම සිදුව ඇත්තේ ට්‍රම්ප් පරිපාලනය හඳුන්වා දුන් රාජ්‍ය සේවකයින්ට මාස අටක වැටුප් සහිතව ලබාදෙන ස්වේච්ඡා විශ්‍රාම වැඩසටහන යටතේයි.

රටටම සුභ ආරංචියක් මේ පාර ආයේ බදු නෑ

රටටම සුභ ආරංචියක් මේ පාර ආයේ බදු නෑ

ධවල මන්දිරයේ ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන්, "ඇත්ත වශයෙන්ම, මෙය ඉතිහාසයේ විශාලතම සහ වඩාත්ම ඵලදායී ශ්‍රම බලකාය අඩු කිරීමේ සැලැස්ම වන අතර වාර්ෂිකව ඩොලර් බිලියන 28 ක් රජයට ඉතිරි කරනු ඇති" යනුවෙන් සඳහන් කර තිබෙනවා.

එසේම ෆෙඩරල් සිවිල් ශ්‍රම බළකායෙන් 6.7% ක් පමණ මෙම වැඩසටහන යටතේ ඉල්ලා අස්ව තිබෙන අතර 154,000 කට වැඩි පිරිසක් මාස 6කට වැඩි කාලයක සම්පූර්ණ වැටුප් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

මේ අතර අදාළ පාර්ශ්ව සමඟ වූ සාකච්ඡාවලින් ගිවිසුමක් ඇති කර ගැනීමට අපොහොසත් වුවහොත්, මහා පරිමාණ සේවයෙන් පහ කිරීම් සඳහා සැලසුම් සකස් කරන මෙන් ධවල මන්දිරය ෆෙඩරල් ආයතනවලට නියෝග කර ඇත.

ඒ අනුව මෙම ඉල්ලා අස්වීමේ වැඩසටහනට ඩොලර් බිලියන 14.8 ක මුදලක් වැය වෙන බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ සේවකයින් 200,000 කට පරිපාලන නිවාඩු සඳහා මාස අටක් දක්වා පූර්ණ වැටුප් සහ ප්‍රතිලාභ ලබාදීමයි.

තවද පුද්ගල කළමනාකරණ කාර්යාලය මඟින් එක් වරක් දරන මෙම වියදම් දිගු කාලීන ෆෙඩරල් රජයේ වියදම් අඩු කරන බව දක්වයි.

එසේම ප්‍රකාශකයාට අනුව, කල් දැමූ ඉල්ලා අස්වීම් සහ ස්වේච්ඡාවෙන් ඉවත් වීමේ වැඩසටහන්, ස්වාභාවික අඩුවීම සහ මුල් විශ්‍රාම වැඩසටහන් ඔස්සේ අපේක්ෂිත සමස්ත ඉවත් කිරීම් සංඛ්‍යාව සේවකයින් 275,000 ක් පමණ වන බව සඳහන්.

හෙට ඉඳන් බස්වල යන අයටත් මෙන්න අලුත් නීතියක්

හෙට ඉඳන් බස්වල යන අයටත් මෙන්න අලුත් නීතියක්

එරට මාධ්‍ය වාර්තා කරන්නේ පරිපාලනය නියෝග කරන ලද ශ්‍රම බලකාය අඩු කිරීමේ නියෝග හරහා තවත් දහස් ගණනක් සේවයෙන් ඉවත් වීමට නියමිත බවයි.

එමෙන්ම මෙසේ ඉවත්ව යන සේවකයින්ට දුර්වල වන රැකියා වෙළඳපොළකට ඇතුල් වීමට සිදුවන බව ද එරට මාධ්‍ය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලන තීරු බදු හේතුවෙන් ඇති වූ බාධා කිරීම් සහ අවිනිශ්චිතතාවයන් හේතුවෙන් රැකියා 22,000 ක් පමණක් එකතු වූ අතර, 2025 අගෝස්තු මාසයේදී විරැකියා අනුපාතය 4.3% දක්වා ළඟා වී ඇති බව සඳහන්. එසේම මෙය 2021 න් පසු ඉහළම මට්ටම ලෙස ද වාර්තා වේ.

ලංකාවේ ගාමට් ටිකත් වැහෙනන තැනට,කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා

ලංකාවේ ගාමට් ටිකත් වැහෙනන තැනට,කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා