දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට නිවාස - මැයි අවසානයට පෙර - ජනපතිගෙන් නිවේදනයක්

Report

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්, තවමත් තාවකාලික කඳවුරුවල රැඳී සිටින ජනතාවට තාවකාලික නිවාස ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, මැයි මස අවසානයට පෙර තාවකාලික නිවාස සම්පූර්ණ කරන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබේ. විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මෙම විශේෂ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාවම හොල්ලපු නඩු තීන්දුවක් - දූෂණය වුණු දරුවාගේ බඩේ සති 31 කළලයක් - ගබ්සා කිරීමට නියෝග

ඉන්දියාවම හොල්ලපු නඩු තීන්දුවක් - දූෂණය වුණු දරුවාගේ බඩේ සති 31 කළලයක් - ගබ්සා කිරීමට නියෝග

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතාට අනුව, දිවයිනේ දිස්ත්‍රික්ක තුනක ප්‍රධාන තාවකාලික කඳවුරු 20 ක් පමණ දැනට ක්‍රියාත්මක වේ. සුළි කුණාටු ව්‍යසනය හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් 500 ක් පමණ දැනට මෙම කඳවුරුවල රැඳී සිටිති.

"කඳවුරුවල සිටින ජනතාවගේ දෛනික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, මැයි මස අවසානය වන විට ඔවුන් සඳහා තාවකාලික නිවාස පහසුකම් සම්පූර්ණ කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා තිබේ," ඔහු පැවසීය.

ඉරානය පරාජය පිලිගන්නම ඕනේ - ඉරානයට දැඩි කොන්දේසි දමමින් ට්‍රම්ප් සැර කරයි

ඉරානය පරාජය පිලිගන්නම ඕනේ - ඉරානයට දැඩි කොන්දේසි දමමින් ට්‍රම්ප් සැර කරයි