ලංකාවට එන සමලිංගිකයන්ට කරදර කරන්න එපා - රජයෙන් ලියුමක්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ සමලිංගිකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන අයට හිරිහැර නොකරන බවට සංචාරක ව්‍යාපාරය සම්බන්ධ පුද්ගලික ආයතනයකට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලිපියක් එවා ඇති බවයි.
නමුත් ඔහුගේ අදහස නම් මේ ආකාරයේ ලිපියක් එවීමට අවශ්‍යතාවයක් නොමැති බවත් එය අනවශ්‍ය දෙයක් බවත් ඔහු එම ලිපිය යොමු කර ඇත්තේ ආණ්ඩුවෙන් දැනුවත්භාවයකින් තොරව බවත් ආණ්ඩුවෙන් විමසීමක්ද සිදුකර නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
එමෙන්ම විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතාද ඒ දිනවල විදේශගතව සිටි බවත් ආණ්ඩුව අලුත් උනාට රාජ්‍ය යාන්ත්‍රණය පැරණි බවත් පැවසූ ඔහු පැරණි පුරුද්දට වැඩ කරගෙන රාජ්‍ය නිලධාරින්ද සිටින බවටත් ඔහු පවසයි.