පරිශීලකයන් වෙනුවෙන් TikTok ගත්ත අලුත්ම තීරණය - පණිවුඩවල රහස්‍යභාවය සුරකින තාක්ෂණය ප්‍රතික්ෂේප කරයි

Report

ටික්ටොක් සමාගම සිය තරගකාරී ආයතන බොහෝමයක් භාවිත කරන "අන්තයේ සිට අන්තයට සංකේතනය" (End-to-End Encryption - E2EE) නැමැති මතභේදාත්මක රහස්‍යතා විශේෂාංගය හඳුන්වා නොදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ මෙමගින් පරිශීලකයන්ගේ ආරක්ෂාව අඩු වන බවයි.

E2EE යනු පපණිවුඩයක් යවන්නාට සහ ලබන්නාට පමණක් එහි අන්තර්ගතය නැරඹිය හැකි තාක්ෂණයක් වන අතර මෙය සාමාන්‍ය ජනතාවට ලබාගත හැකි වඩාත් ආරක්ෂිත සන්නිවේදන ක්‍රමය සේ සලකයි.

ඒ අනුව ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ X වැනි වේදිකා සිය ප්‍රමුඛතාවය පරිශීලක රහස්‍යතාව බව සඳහන් කරමින් මෙය භාවිත කර‍යි.

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

එහෙත් විවේචකයන් සඳහන් කරන්නේ E2EE ඔස්සේ හානිකර අන්තර්ගතයන් අන්තර්ජාලය ඔස්සේ පැතිරීම වැළැක්වීම අපහසු කාර්යයක් බවයි.

එයට හේතුව නම් එමඟින් පොලිසියට හෝ අඳාළ සමාගම්වලට පෞද්ගලික පණිවුඩ (DMs) පරීක්ෂා කිරීමට නොහැකි වීමයි.

කෙසේ වුවත් ටික්ටොක් සමාගම ප්‍රථම වරට බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ මෙම තාක්ෂණයෙන් පොලිසියට සහ ආරක්ෂක කණ්ඩායම්වලට අවශ්‍ය අවස්ථාවකදී පණිවුඩ කියවීමට ඇති බාධාව ගැන තමන් සැලකිලිමත් වන බවයි.

විශේෂයෙන්ම තරුණ පරිශීලකයන් අපයෝජනයන්ගෙන් සහ හානිකර ක්‍රියාවලින් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව ඔවුන් සඳහන් කරයි.

මෙම තීරණය එක්සත් රාජධානියේ ළමා ආරක්ෂක සංවිධාන (NSPCC සහ IWF) අගය කර ඇති බව ද වාර්තා වේ.

පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළට යන අයට සුබ ආරංචියක්

පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළට යන අයට සුබ ආරංචියක්

ඔවුන් ප්‍රකාශ කරන්නේ E2EE තාක්ෂණය හේතුවෙන් ළමා ලිංගික අපයෝජන දර්ශන හඳුනා ගැනීමට ඇති හැකියාව අඩු වන බවයි.

එහෙත් සරේ විශ්වවිද්‍යාලයේ සයිබර් ආරක්ෂණ මහාචාර්ය ඇලන් වුඩ්වර්ඩ් සඳහන් කරන්නේ මෙම තීරණය පිටුපස "චීන බලපෑම" තිබිය හැකි බවයි.

ඒ චීනය තුළ E2EE තාක්ෂණය බොහෝ දුරට තහනම් කර ඇති බැවින්.

කෙසේ වෙතත් ටික්ටොක් අවධාරණය කරන්නේ තමන් සාමාන්‍ය සංකේතන ක්‍රම (Gmail වැනි) භාවිත කරන බවත්, පණිවුඩ පරීක්ෂා කරනු ලබන්නේ වලංගු නීතිමය ඉල්ලීමකදී හෝ හානිකර හැසිරීමක් වාර්තා වූ විට බලයලත් සේවකයන් විසින් පමණක් බවයි.

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්

ට්‍රම්ප්ව නවත්වන්න බැරි වෙයි - ඉරානයට එරෙහිව කරන යුද්ධේ සීමා කරන්න ගෙනාව යෝජනාවට සෙනෙට් සභාවේදී අන්ත පරාජයක්

ට්‍රම්ප්ව නවත්වන්න බැරි වෙයි - ඉරානයට එරෙහිව කරන යුද්ධේ සීමා කරන්න ගෙනාව යෝජනාවට සෙනෙට් සභාවේදී අන්ත පරාජයක්