පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළට යන අයට සුබ ආරංචියක්

Report

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නවීකරණ කටයුතු සිදු කරමින් පවතින පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අප්‍රේල් මස මුල් සති දෙක තුළදී අවසන් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව පර්යන්ත දෙකකින් යුත් මෙම බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 424 ක මූල්‍ය පිරිවැයක් වියදම් වෙන බව වාර්තා වේ.

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

එමෙන්ම බිම්මහල බස් නැවතුම් අංගනය ලෙසත්, දෙවන මහල රියදුරු සහ කොන්දොස්තර විවේකාගාර සඳහාත් තෙවන මහල පරිපාලන හා මෙහෙයුම් සේවා සඳහාත් යොදා ගත හැකි පරිදි පහසුකම් වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු වේ.

ඊට අමතරව නවීකරණ කටයුතු යටතේ බස්, දුම්රිය, ගුවන් ඇතුළු සියලුම ප්‍රවාහන මාධ්‍යයන් පිළිබද මහජන දැනුම්වත්වීම් වෙනුවෙන් නව තොරතුරු මධ්‍යස්ථානයක් ද මෙම පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

ඉවසීමෙන් සැනසීම ලැබෙන අද සැලසුම් සහගතව වැඩ කළොත් ලාභ උතුරන දවසේ ලග්න පලාපල

ඉවසීමෙන් සැනසීම ලැබෙන අද සැලසුම් සහගතව වැඩ කළොත් ලාභ උතුරන දවසේ ලග්න පලාපල

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්